HomeLifestyle

Wise individual කෙනෙක් සතුව තිබෙන ගති ලක්ෂණ 5 ක්.

Wise individual කෙනෙක් සතුව තිබෙන ගති ලක්ෂණ 5 ක්.

පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කල පර්‍යේෂණයකට අනුව තමන්ගේ ජිවිතයට එලැඹෙන ප්‍රශ්න සහ ගැටළු වලට සාර්ථකව සහ නිර්භීතව මුහුණ දෙන පුද්ගලයන් සතුව තිබෙන සුව

ඩිජිටල් විෂහරණය: අපගේ ඩිජිටල් ජීවිතවල සමතුලිතතාවය සොයා ගැනීම
විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
නව යෝවුන් වියේ Screen භාවිතය සහ නින්ද: අලුත් සොයාගැනීම්

පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කල පර්‍යේෂණයකට අනුව තමන්ගේ ජිවිතයට එලැඹෙන ප්‍රශ්න සහ ගැටළු වලට සාර්ථකව සහ නිර්භීතව මුහුණ දෙන පුද්ගලයන් සතුව තිබෙන සුවිශේෂී ලක්ෂණ එකතුවක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා. මෙම සුවිශේෂී ගතිගුණ එකතුව ඔවුන් හදුන්වා තිබෙන්නේ integrative wisdom model යනුවෙනුයි. ඒ අනුව wise person කෙනෙක් සතුව තිබෙන සුවිශේෂී ගති ලක්ෂණ 5 ක් ඔවුන් හදුන්වා දී තිබෙනවා. මේ ලිපියෙන් අපි අද කතා කරන්නේ integrative wisdom model යටතට ගැනෙන එම ලක්ෂණ පහ පිළීබදවයි.

  1. අලුත් දේවල් ගවේෂනය කිරීමට ඇති උනන්දුව.

Wise individual කෙනෙක් සතුව තිබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ඔවුන්ට ජීව්තය තුල තිබෙන ඉතා දැඩි කුතුහලයයි. තමන්ගේ ජිවිතයට එලැඹෙන ප්‍රශ්ණ වලදී ඒවා ගැන ගැඹුරින් සිතා බැලීමට ඔවුන් යොමු කරවන්නේ ඔවුන් සතුව තිබෙන මෙම කුතුහලයයි. දෙයක් දෙස වෙනස්ම ආකාරයකින් බැලීමට හෝ වෙනස්ම ආකාරයකට සිතීමට ඔවුන් කිසිවිටකත් මැලි වෙන්නේ නැහැ. ඔවුන් නිතරම ජීවිතය තුල සාර්ථක භාවයක් සහ වර්ධනයක් අත් පත් කරගන්නේ නිරන්තරයෙන් දෙයක් ඉගෙනීමට ඔවුන් සතුව තිබෙන කැමැත්ත සහ ආශාව නිසාමයි. ඔවුන් නිතරම ලෝකය පිලිබදව අවධානයෙන් සිටින අතර ජීවිතයේ ලබන අත්දැකීම් වලින් පවා දෙයක් ජීවිතයට එකතු කර ගැනීමට කටයුතු කරනවා.

  1. අනිත් අය පිළිබදව සැලකිලිමත් වීම.

Wise individual කෙනෙක් සතුව තිබෙන දෙවන ලක්ෂණය වන්නේ අනික් අය පිලිබදව දක්වන සැලකිල්ල සහ ඔවුන්ගේ හැගීම් තේරුම් ගැනීමට ඇති හැකියාවයි. ඔවුන් සතුව තිබෙන මෙම සහකම්පනය එසේත් නැතිනම් empathy එක නිසා ඔවුන්ට විවිධාකාර අවස්ථා වලදී මිනිසුන් සමග ගණුදෙනු කිරීම වඩාත් පහසු වෙනවා. ඔවුන්ගේ Wisdom එක කොයිතරම්ද කියනවා නම් තමන්ගේ ආශාවන් පසෙක තබා තමන් අවට සිටින සියලු දෙනාටම වඩාත් වාසිදායක වන ක්‍රමය තෝරා ගැනීමට ඔවුන් පැකිලෙන්නේ නැහැ. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ ඔවුන්ට මෙන්ම සමස්ත මානුෂීය වර්ගයාටම යහපතක් වන ආකාරයට කටයුතු කිරීමටයි. එසේම තවත් කෙනෙක් සිතන පතන ආකාරය තේරුම් ගැනීම නිවරදි තීරණ ලබා ගැනීමටත් උපකාරී වෙනවා. ඒ වගේම අනෙක් අයට දක්වන empathy එක සමබරව පවත්වාගෙන යාම කෙනෙකුට තමන්ගේ Wisdom එක හොදින් පවත්වාගෙන යාමට උපකාරී වෙනවා.

  1. තමන්ගේ හැගීම් නියාමනය කිරීමට ඇති හැකියාව.

ජිවීතයේ අපිට එලැබෙන බැරැරුම් සහ දුෂ්කර අවස්ථාවලදී හොද මානසික ශක්තියක් සහිතව සාර්ථකව මුහුණ දීමට සියලු දෙනාටම හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් Wise individual කෙනෙකුට එවැනි අවස්ථාවකදී සන්සුන්ව සහ සාර්ථකව එවැනි අවස්ථාවක් පසු කරගන්නට පුළුවන්. ඔවුන් සතුව high emotional intelligence එකක් තිබෙනවා වගේම ඔවුන්ගේ වගේම අනුන්ගේ හැගීම් මනාව පාලනය කිරීමේ හැකියාවක්ද ඔවුන් සතු වෙනවා. ජීවිතයේ අභියෝගාත්මක අවස්ථා වලදී පවා තමන්ගෙ මානසික ඒකාග්‍රතාවය හොදින් පවත්වගෙන යන ඔවුන් තමන්ගේ කෝපය පාලනය කර ගැනීමට දක්ෂතාවයක් දක්වනවා වගේම බියකින් සහ චකිතයකින් තොරව එම අවස්ථාවට මුහුණ දෙනවා. මේ තත්වය පර්යේෂකයින් හදුන්වා දෙන්නේ wisdom state of mind යනුවෙනුයි.

  1. ජීවිතයේ අත්දැකීම් තුලින් ඉගෙන ගැනීම.

Wise individual කෙනෙක් සතුව තියෙන සුවිශේෂී සහ හතරවන ලක්ෂණය තමයි, ඔවුන් තමන්ගේ ජීවිතය ආශ්‍රයෙන් වගේම අනෙක් අයගේ ජීවිත ආශ්‍රයෙනුත් තමන්ගේ ජිවිතයට අව්ශ්‍ය පාඩම් ඉගෙන ගැනීම.ඒ තුලින් ලොකය පිලිබදව හොද දැක්මක් ලබා ගන්නට ඔවුන් කටයුතු කරනවා. ඔවුන් විශ්වාස කරන තවත් එක් කාරනයක් වන්නේ ජීවිතය අනුමාන ක්ල නොහැක්කක් බවයි. එසේම සියලුම දේ තමන්ට පාලනය කල නොහැකි බවත් ඔවුන් විශ්වාස කරනවා. මේ නිසා සීයලුම දේ වෙනස් කිරීමට උත්සාහ කරනවා වෙනුවට වෙනස්කම් වලට අනුගත වීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා. එසේම තමන් සියල්ල දන්නේ නැති බව විශ්වාස කරන ඔවුන් තව දුරටත් දේවල් ඉගෙන ගැනීමටත් විශාල කැමැත්තක් දක්වනවා.

  1. තමන්වම self-reflect කිරීමට ඇති හැකියාව.

Wise individual කෙනෙක් නිතරම තමන්ගේ emotions, thoughts, සහ actions පිලිබදව අවධානයෙන් සහ අවබෝධයෙන් පසු වෙනවා. මේ තත්වය පර්යේෂකයින් හදුන්වන්නේ introspection යනුවෙනුයි. මේ ක්‍රියාවලිය නිසා ඔවුන්ට තමන්ගේ සැගවී තිබෙන biases සහ personal limitations පිලිබදව හොද අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා වගේම වැරදි තුලින් ඉගෙන ගැනීමට සහ තමන් පිලිබදවම හොද අවබෝධයක් ලබා ගැනීම්ටත් අවස්ථාව හිමි වෙනවා. self-reflective ability එක නිසා කෙනෙකුට තමන් පිලිබදව හොද දැක්මක් ඇති වෙනවා වගේම ඔවුන් තමන්ගේ biases පිලිබදව සිටින්නේත් හොද අවබෝධයකිනුයි.

ඉතින් අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ Wisdom එක කියන්නේ කෙනෙකුට develop කරගන්න වගේම improv කරගන්නත් පුලුවන් දෙයක්. තමන් අවට සිදු වෙන දේවල් දිහා කුතුහලයෙන් බලන එක, අනිත් අයව තේරුම් ගන්න එක, තමන්ගේ හැගීම් පාලනය කරගන්න එකත් Wise individual කෙනෙක් ගාව තියෙන ප්‍රධාන ගුණාංග වෙනවා. අනිත් අයගේ යහපත ගැන හිතන අතරතුරේම, තමන්ගේ සීමාවන් දැනගෙන තමන්ගේ ජිවිතය සාර්ථක කරගන්න Wise individual කෙනෙක් කටයුතු කරනවා

Share this:
error: Content is protected !!