HomeNewsNew Zealand News

නවසිලන්ත ආර්ථික අවපාතය

නවසිලන්ත ආර්ථික අවපාතය

නවසීලන්ත ආර්ථිකය අවපාතයකට අවතීර්ණ වී ඇති අතර එය පෙර වසරේ තෙවන කාර්තුවේ 0.3% පහත වැටීමකටද, අවසාන කාර්තුවේදී 0.1%ක පහත වැටීමකටද ලක් විය. වාර්ෂික වර්ධන

Terrible Twos ගැන ඉගෙන ගමු
දෙමාපියභාවය PARENTING ගැන කතා කරමු…
ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි.

නවසීලන්ත ආර්ථිකය අවපාතයකට අවතීර්ණ වී ඇති අතර එය පෙර වසරේ තෙවන කාර්තුවේ 0.3% පහත වැටීමකටද, අවසාන කාර්තුවේදී 0.1%ක පහත වැටීමකටද ලක් විය. වාර්ෂික වර්ධන වේගය 0.6% දක්වා අඩු වූ අතර ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ද 0.7% කින් අඩු වූ අතර national disposable income 1.4% කින් පහත වැටුණි.

පහත වැටීමට මූලික වශයෙන් හේතු වූයේ තොග වෙළඳාමේ අඩුවීම, විශේෂයෙන් සිල්ලර බඩු, මත්පැන් සහ යන්ත්‍ර සූත්‍ර අලෙවිය සහ සිල්ලර වෙළඳාමේ පහත වැටීමයි. එසේ තිබියදීත්, දේපල වෙළඳාම් සහ රාජ්‍ය සේවා වැනි සමහර ක්ෂේත්‍රවල වර්ධනයක් දක්නට ලැබුණි, මෙයට මහ මැතිවරණය පැවතීමද හේතුවක් විය.

සමස්ත දුර්වල ආර්ථික ක්‍රියාකාරිත්වයට දායක වෙමින් නිෂ්පාදනය 0.4% කින් පහත වැටීමේ ප්‍රවණතාවය දිගටම පැවතුනි. ඒකාකාරී වර්ධන ප්‍රතිශතයක් වසර පුරා පවත්වාමේ සංචිත බැංකුවේ The Reserve Bank අපේක්ෂාවන් ඉටු නොවූ අතර, මේ නිසා පෙර සිදුකල පුරෝකථන වලට අනුව 2025 මැද භාගයේදී නොව ඊට පෙර පොලී අනුපාත කප්පාදුව ඉක්මනින් සිදු විය හැකි බව ආර්ථික විද්‍යාඥයින් දැන් මත පළකරයි.

දුර්වල ආර්ථික කාර්ය සාධනය සහ ඉහළ උද්ධමනය, ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා සංකීර්ණ තත්වයක් ඉදිරිපත් කරයි. ඉදිරි ව්‍යාපාරික සමීක්ෂණ, උද්ධමන වාර්තා සහ ශ්‍රම වෙළඳපොළ දත්ත අනාගත ආර්ථික තීරණ හැඩගැස්වීමේදී තීරණාත්මක වනු ඇත. මැයි මාසයේ සිදුකිරීමට නියමිත රජයේ අයවැය ප්‍රකාශය ද ආර්ථික දැක්ම පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share this:
error: Content is protected !!