HomeNewsNew Zealand News

නවසීලන්තයේ වාහන හිමියන් වෙනුවෙන් අලුත් App එකක්

නවසීලන්තයේ වාහන හිමියන් වෙනුවෙන් අලුත් App එකක්

නවසීලන්තයේ වාහන හිමියන් සඳහා සිය WOFs, ලියාපදිංචි කිරීම් සහ සේවා සැපයීම නවීකරණය කිරීම අරමුණු කරගත් නව යෙදුමක් (App) එකක් හඳුන්වා දී තිබෙනවා.

මී කරදරයෙන් පසු නවසීලන්ත Dunedin Countdown නැවත විවෘත වේ…
The Warehouse Group යලි පණ ලබයිද?
නවසීලන්තයට තුන්වැනි ටොනේඩෝවකින් හානි, මෙවර Kāpiti ප්‍රදේශයට

Bonnet නමින් හඳුන්වන මෙම නවතම App එක වාහන හිමියන්ට සිය ස්මාර්ට් දුරකථනය වෙත ස්ථාපනය (Install) කරගැනීමට හැකියාව ඇති අතර එමඟින් පහසුකම් රැසක් අත්විඳීමට අවස්ථාව ලැබෙනවා.

මෙම නව App එක හරහා රියදුරන්ට සිය වාහනයේ අංකය ඇතුළත් කර ලියාපදිංචි වීමට හැකියාව ඇති අතර එමඟින් ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථානවල කටයුතු කරගැනීම සඳහා කාලය වෙන් කරවා ගැනීමට අවකාශය ලබාදී තිබෙනවා.

එමෙන්ම වාහනයට අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීම, වාහනයේ නඩත්තු කාලසීමාවන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත්, වාහනයේ නඩත්තු කටයුතු පිළිබඳව සටහන් තබාගැනීමටත් මෙමඟින් පහසුකම් සපයා ඇති බවයි සඳහන් වන්නේ.

වාහනයක් අලෙවි කිරීමේ දී පවා මෙම දත්තයන් හරහා වාහනය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත් මෙමඟින් නවසීලන්ත වැසියන්ට ඉඩ ලැබෙන බවයි එහි නිර්මාතෘ ස්ටෙෆ් කෙනාර්ඩ් පවසා සිටියේ.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!