නවසීලන්තයේ සමහර ප්‍රදේශ වල ලැව්ගිනි ඇතිවීමේ අවධානමක් මතුව පවතින අතර දැනටමත් තත්වය පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි බලධාරීන් පවසයි. Nelson Tasman
නවසීලන්තයේ සමහර ප්‍රදේශ වල ලැව්ගිනි ඇතිවීමේ අවධානමක් මතුව පවතින අතර දැනටමත් තත්වය පාලනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි බලධාරීන් පවසයි. Nelson Tasman වෙරළබඩ, Waimea සහ Nelson උතුරු කලාපවල අද සිට එළිමහන් ගිනි තැබීම් තහනම් වන අතර ගිනි බලපත්‍ර ලබාදීමේ කටයුතුද තාවකාලිකව නවත්වා ඇත.
ගිනි හා හදිසි දිස්ත්‍රික් කළමණාකරු Fire and Emergency district manager ග්‍රාන්ට් හේවුඩ් පැවසුවේ උණුසුම් හා වියලි කාලගුණය, තද සුළං සහ අඩු වර්ෂාපතනය ලැව් අවදානම වැඩි කළ බවයි. මෑතකදී ඇතිවූ Lee නිම්නයේ ගින්න, ලැව්ගිනි හටගෙන එය උත්සන්න වන ආකාරය පිළිබඳ හොඳ නිදසුනක් බවත් එය ගිනි පුපුරු වලින් ආරම්භ වී වනාන්තරය දක්වා පැතිර ගිය බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය. එසේම තණකොළ කැපීම, වෙල්ඩින් කිරීම සහ දිගු තණකොළ හරහා රිය පැදවීම වැනි ගිනි අවදානම් ක්‍රියාකාරකම් වලින් වළකින ලෙසත්, තම නිවෙස් සහ ගොඩනැගිලි අවට ඇති දැවෙනසුළු ද්‍රව්‍ය ඉවත් කරන ලෙසත්, ගින්නෙන් බේරීමට සැලැස්මක් ඇති කර ගන්නා ලෙසත් ඔහු ජනතාවට උපදෙස් දුන්නේය.
වෙලින්ටන්හි, ප්‍රාදේශීය උද්‍යානයේ විශාල ප්‍රදේශ දෙකක් වන Baring Head සහ Parangarahu Lakes ගිනි අවදානම හේතුවෙන් මහජනතාවට වසා දමා ඇත. ග්‍රේටර් වෙලින්ටන් නැගෙනහිර උද්‍යාන කණ්ඩායම් නායක රිකී ක්ලාක්සන් පැවසුවේ නැගෙනහිර වෙරළ තීරය දරුණු ලෙස හිරු එලියට නිරාවරණය වී වියළිව ඇති බැවින් එය වසා දැමීම ගත් තීරණය පූර්වාරක්ෂාවක් කිර්යාවක් බවයි. එසේම ක්ලාක්සන් අනතුරු ඇඟවූයේ ගිනි අවධානම ඉහළ මට්ටමක පවතින බවත්, සුළඟ ඉහළ ගියහොත් Eastbourne අවදානමට ලක්විය හැකි බවත්ය. එනිසා මෙම ප්‍රදේශවලට ඇතුල්වීමෙන් වළකින ලෙසත් අවට පරිසරය පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඔහු සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියේය.
Hutt නගර සභාව ද බර්ඩන් ගේට්ටුව හරහා වන Pencarrow වෙරළ තීරය වසා දමා ඇත. පුද්ගලික ඉඩම් හිමියන්ට තවමත් ගේට්ටුව හරහා ප්‍රවේශ විය හැකි අතර නැගෙනහිර වරාය කලාපීය උද්‍යානයේ උතුරු වනාන්තර ප්‍රදේශය තවමත් විවෘතව පවතී.