Author: MA Think School
MATS තුලින් Parenting, Health , Education, Psychology වගේ ගොඩක් විෂයන් ගැන කතා කරනවා. ඒ හැම දෙයක්ම දරුවන් හදාවඩා ගන්න ඔබට ඕනෑ වෙන දේවල්. මම අම්ම කෙනෙක් විදියට, පූර්ව ළමාවිය සංවර්ධනය සහ ළමා මනෝවිද්‍යාව වැඩිදුර හදාරන ශිෂ්‍යාවක් විදියට, එකතු කරගත්ත දැනුම, සරලව හැමෝටම තේරෙන විදියට ලබාදෙනවා. මොකද මේ විෂයන් ගැන අපි තුල තියෙන දැනුම සහ ආකල්ප එතරම් සතුටුදායක මට්ටමක නෑ. බොහොමයක් දැනුම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වීමත්, දැනුම හොයගෙන යන්න වෙලාවක්, අවශ්‍යතාවයක්, උනන්දුවක් නැති වීමත් මේකට එක හේතුවක්. මේ නිසාම MATS හරහා දරුවන් එක්ක ගනුදෙනු කරන්න, වැඩිහිටියන් විදියට අපි වෙනස් කරගන්න ඕනේ දේවල්, එකතුකරගන්න ඕන දේවල් ගැන කතාකරනවා. (විශ්වාස කරන්න... ඔයාට ඉගෙනගන්න දේවල් ගොඩා....ක් තියෙනවා.) අපේ අවසාන අරමුණ යහපත් දෙමාපිය දූදරු සම්බන්දතා ඇති කිරීමත්,ඒ හරහා සමාජයට වැඩදායි, සමබර, ශක්තිමත් ඉදිරි පරපුරක් බිහිකිරීමයි.