HomeNew Zealand

නවසීලන්තය තුළදී ප්‍රථම වරට පුද්ගලයෙකු ජල භීතිකා රෝගයෙන් මිය යයි

නවසීලන්තය තුළදී ප්‍රථම වරට පුද්ගලයෙකු ජල භීතිකා රෝගයෙන් මිය යයි

නවසීලන්තයේ ජලභීතිකා රෝගයෙන් සංචාරකයෙකු මිය යාමෙන් පසු මහජනතාවට අවදානමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසනවා.

නවසීලන්ත Foodstuffs සමාගම මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණ අත්හදා බැලීම සාර්ථක බව පවසයි
2024 ඔක්තෝබර් 1 සිට නවසීලන්ත වීසා ගාස්තු වැඩි වේ…
නවසීලන්ත හිටපු අගමැතිනි ඇයගේ ඉල්ලා අස්වීම ගැන ආවර්ජනයක් සහ නව පොතේ විස්තර හෙළි කරයි

නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියේ නවසීලන්තය තුළ සොයා ගත් පළමු ජල භීතිකා රෝගීයා අදාළ සංචාරකයා බවයි.

අදාළ සංචාරකයා නවසීලන්තය තුළදී කිසිදු ආකාරය සෞඛය අවදානමකට මුහුණ දී නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා

අදාළ සංචාරකයාට නවසීලන්තයෙන් පිටතදී රෝගය වැළැඳී ඇති බවත් පසුව ඔහුගේ රෝගී තත්ත්වය නවසීන්තය තුළදී හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය අයේෂා වෙරල් පැවසුවේ අදාළ සංචාරකයා ජලභීතිකා රෝගයෙන් මිය යාම කනගාටුදායක පුවතක් බවත්, කෙසේ වෙතත්, නවසීලන්තයේ ජලභීතිකා රෝගය සම්ප්‍රේෂණය වීම පිළිබඳව බියට පත්වීමට අවශ්‍ය නොවන බවයි.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×