HomeNews

ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන දැනුවත් වෙමු…

ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන දැනුවත් වෙමු…

වැඩිහිටියන් වෙන අපි දරුවන් යහපත් සහ සාර්ථක මගකට යොමු කරවන්න නම් අපේ සමාජයේ තිබෙන සංකල්ප ගැන ඉතා හොද දැනුමකින් සන්නද්ධ වීම අත්‍යාවශ්‍ය කාරණයක්. ඉතින්

Bilingual වෙන එක හොදයිද? නරකයිද?
අවුරුදු පහක බබෙක් ගැන ඉගෙන ගමු
මිනිස් මතකය ගැන ඔබ දැනගත යුතුම දේවල්…

වැඩිහිටියන් වෙන අපි දරුවන් යහපත් සහ සාර්ථක මගකට යොමු කරවන්න නම් අපේ සමාජයේ තිබෙන සංකල්ප ගැන ඉතා හොද දැනුමකින් සන්නද්ධ වීම අත්‍යාවශ්‍ය කාරණයක්. ඉතින් ඒ නිසාම තමයි සමාජයේ දකින්නට අහන්නට ලැබෙන නමුත් අඩුවෙන් කතාබහට ලක්වෙන මාතෘකා රැසක් Ma Think school හරහා අපි කතා බහට ලක් කරන්නේ.

අදත් අපි කතා බහට ලක් කරන්නේ ඒවගේම මාතෘකාවක්. ” ස්ත්‍රී පුරුෂ සමාජහාවය“, මේ මාතෘකාව අපිට තරමක් හුරු නැති වුනත් මේ මාතෘකාව ඇතුලේ අපි කතා කරන්නේ වර්තමානයේ කතා කල යුතුම අපි හැමෝම අත් විදින හුරු පුරුදු අත්දැකීම් එකතුවක් ගැනයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ මොකද්ද?

දරුවෙකුට කුඩා කාලයේදීම තමන් ගැහැණු දරුවෙක්, තමන් පිරිමි දරුවෙක් යනුවෙන් තමා තුලම හැගීමක් ඇති වෙනවා. තමන් ගැහැණු, පිරිමි හෝ එයින් එකකටවත් අයත් නොවීම යනුවෙන් දරුවා තුල ඇතිවෙන හැගීම අපි හදුන්වන්නේ “ස්ත්‍රී පුරුෂ සමාජභාවය” යනුවෙනුයි.

මේ සංකල්පය දරුවන් තුල ඇති කරවන්නේත් මේ සංකල්පය ලෝකයට හදුන්වා දුන්නේත් අපි ජීවත් වෙන මේ සමාජයයි. ගැහැණු සහ පිරිමි භේදය, කාන්තාවන් සහ පිරිමින් තමන්ගේ ජිවීත කාලය තුල ඉටු කල යුතු දේවල් මොනවාද, එක් එක් පාර්ශවය විසින් සිදු නොකල යුතු දේවල් මොනවාද යන්න පිළිබදව අර්ථකතන සපයා දී තිබෙන්නේත් සමාජය විසිනුයි. මේ නිසාම වයසින් කුඩා දරුවන් සහ වයසින් වැඩුණු යෞවනයන් සමාජය විසින් ලබා දී තිබෙන මෙම අර්ථකතන වලට අනුව යමින් ගැහැණු සහ පිරිමි භූමිකා වලට අනුගත වීම සාමාන්‍ය ස්වාභවයයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ඒකාකෘතියක් Gender Stereotype යනු කුමක්ද?

ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නේ මොකද්ද කියන එක ගැන අපි මුලින් කතා කලා. එහිදි ගැහැණු ලමුන් සහ පිරිමි ලමුන් එකිනෙකාට ආවේණික වගකීම් වලට යටත්ව ආවේණික ලක්ෂණ සහ සම්මත හැසිරීම් වලට අනුව බෙදා වෙන් කරන බව මුලදී අපි සදහන් කලා. උදාහරණයක් විදියට පිරිමි ලමුන් හැඩීම සමාජය හදුවන්නේ ඔවුන්ගේ දුර්වල ලක්ෂණයක් ලෙසයි. ඒවගේම ගැහැණු ලමුන් උස් හඩින් සිනාසීම සමාජය සලකන්නේ ඉතා අවිනීත හැසිරීමක් ලෙසයි.

එවැනි ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ඒකාකෘති කිහිපයක් උදාහරණ ලෙස ගමු.

01. පුරුෂ පාර්ශවය රැකියා සිදු කල යුතු අතර කාන්තා පාර්ශවය ආහාර පිසීම, දරුවන් රැක බලා ගනීම ඇතුළු නිවසේ කාර්යයන් මෙහෙයවීම සිදු කල යුතුයි.

02. පිරිමි දරුවන් උදෑසන අවදි වීම අත්‍යාවශ්‍ය නොවුනත් ගැහැණු දරුවන් උදෑසනම අවදි වීම අනිවාර්ය කාරණයකි.

03. පිරිමි දරුවන් ඔනෑම අභියෝගයකට මුහූන දිය යුතු අතර ශක්තිමත් වීම අත්‍යාවශ්‍ය කාරණයක් වූවත් ගැහැණු දරුවන් එසේ වීම අත්‍යාවශ්‍ය නැත.

04. ගැහැණු ලමයින් කෝප වීම නොහොබිනා හැසිරීමක් වන අතර පිරිමි ලමුන් කෝපය පෙන්වීමේ වරදක් නැත.

05. පිරිමි ලමයින්ට නිවසින් පිටව යාමට, යහළුවන් ආශ්‍රය කිරීමට නිදහසක් තිබුණත් ගැහැණු දරුවන් නිවසින් පිටවීම හෝ යහළුවන් ආශ්‍රය කිරීම සුදුසු නොවේ.

මෙවැනි ඒකාකෘති අදහස් පරම්පරාවෙන් පරම්පරාවට පැමිණෙමින් තිබෙන අතර වර්තමාන පරම්පරාව ඒවා තමන්ගේ දරුවන්ටත් උගන්වමින් සිටීම සාමාන්‍ය ස්වාභාවයයි. නමුත් මේ කාරණා නිසා දරුවන්ගේ පෞර්ෂත්වයට බලපෑම් ඇතිවෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් බවට පත් වී තිබෙනවා. මෙවැනි ඒකාකෘති අදහස් නිසා ආත්ම අභිමානය අඩු, චිත්ත දෛර්යය සහ ආත්ම විශ්වාසය අඩු දරුවන් නිර්මාණය වීම නිතැතින්ම සිදු වෙනවා.

මේ තත්වය නිවසේදී වලක්වා ගන්නේ කොහොමද?

01. මව් පාරශවයට සහ පිය පාර්ශවයට සාම්ප්‍රදායිකව පැවරී ඇති වගකීම් වලින් ඔබ්බට යමින් දරුවාට පෙනෙන ආකාරයට තමන්ගේ යුතුකම් වගකීම් බෙදා ගන්න. ආහාර පිසීම සදහා පියාගේ සහය මුළුතැන්ගෙයට ලබා දෙන්න. මව දරුවන් සමග එලිමහන් ක්‍රීඩා වල නිරත වන්න. එවැනි අත්දැකීම් තුලින් මෙම සමාජ සම්මත ඒකාකෘතිය කඩා බිද දමන්නට දෙමව්පියන්ට පුළුවන්.

02. පිරිමි දරුවන්ටත් ගැහැණු දරුවන්ටත් එක සමාන ආදරයක්, ආරක්ශාවක් සහ පෝෂණයක් ලබා දෙන්න. සෑම දරුවෙකුගේ අයීතීන් ආරක්ශා කරමින් ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමට සහතික වෙන්න.

03. ගැහැණු පිරිමි බේදයකින් තොරව ඔවුන් කැමැති විනෝදාංශ, ඔවුන්ගේ කැමති ක්‍රීඩා අත් හදා බලන්නට දරුවන්ට අවස්ථාව ලබා දෙන්න.

04. දරුවන්ට අවශ්‍ය ප්‍රසංශා, දිරිගැන්වීම් සහ ත්‍යාග ලබා දෙන්න. නව යෞවන වියේ පසුවන දරුවන්ට වඩාත් සමීපව කටයුතු කරන්න.

Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon

MA Think School

Share this:
error: Content is protected !!
×