HomeNewsSri Lankan News

ක්‍රිකට් ඉතිහාසයේ අද්විතීය ක්‍රීඩකයන් අතරට අරවින්ද ද සිල්වා නම් කරයි

ක්‍රිකට් ඉතිහාසයේ අද්විතීය ක්‍රීඩකයන් අතරට අරවින්ද ද සිල්වා නම් කරයි

ක්‍රිකට් ඉතිහාසයේ අද්විතීය ක්‍රීඩකයන් ලෙස සනිටුහන් කරනු ලබන Hall of Fame නාමාවලියට මෙවර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ICCය

මූල්‍ය අපචාර සහ රජයේ මැදිහත්වීම් චෝදනා මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ICC විසින් අත්හිටුවයි
ශ්‍රී ලංකාව T20 ලෝක කුසලාන තේරීම් සැලැස්ම හෙළි කරයි
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක් ICC ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායමට නම් කරයි

ක්‍රිකට් ඉතිහාසයේ අද්විතීය ක්‍රීඩකයන් ලෙස සනිටුහන් කරනු ලබන Hall of Fame නාමාවලියට මෙවර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ICCය කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවෙක් සහ දඟපන්දු යවන්නෙක් ලෙස ඒ මහතා 1984 සිට 2003 දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ලදි.

එහිදී ඔහු ටෙස්ට් තරඟ 93ක් ක්‍රීඩා කොට ලකුණු 6,361ක් ලබා ගෙන ඇති අතර එක්දින තරඟ 308කදී ලකුණු 9284ක් ලබාගැනීමට සමත් විය. එමෙන්ම පන්දු යැවීමේදී ටෙස්ට් කඩුලු 29ක් හා එක්දින කඩුලු 106ක් ඔහු විසින් ලබගෙන ඇත. ක්‍රීඩා සමාජ වශෙයෙන් අරවින්ද ද සිල්වා මහතා NCC නියෝජනය කළ අතර විදෙස් ක්‍රීඩා සමාජ වන එංගලන්තයේ Kent සහ නවසීලන්තයේ Auckland සමාජ නියෝජනය කරන ලදි. කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපති ලෙසද ඒ මහතා කටයුතු කරන ලදි.

එමෙන්ම ඉන්දීය හිටපු සුපිරි පිතිකරු විරෙන්ද්‍ර ශෙවාග් සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් හී පුරෝගාමී මෙහ්වරක් කළ ඩයනා එදුල්ජී ද මෙම නම් ලයිස්තුවට ඇතුලත්.

Share this:
error: Content is protected !!