HomeEducation

අවුරුදු තුනක බබෙක් ගැන ඉගෙන ගමු

අවුරුදු තුනක බබෙක් ගැන ඉගෙන ගමු

මීට කලින් post වල අවුරුද්දක, අවුරුදු දෙකක බබාලා ගැන එයාල ගැන ඔයාලා දැනගන්න ඕන හැමදේම ගැන අපි කතා කලා. ඉතින් දැන් අපිට කතා කරන්න තියෙන්නේ අවුරුදු 3 ක

දරුවන්ගේ අයිතීන් ගැන දැනුවත් වෙමු.
ඕටිසම් Autism ගැන ඔබ දන්නවද?
දරුවන් වෙනුවෙන් මව්පියවරුන් ඉගෙන ගත යුතුම tips

මීට කලින් post වල අවුරුද්දක, අවුරුදු දෙකක බබාලා ගැන එයාල ගැන ඔයාලා දැනගන්න ඕන හැමදේම ගැන අපි කතා කලා. ඉතින් දැන් අපිට කතා කරන්න තියෙන්නේ අවුරුදු 3 ක බබෙක් ගැනයි. මම කොහොමද අවුරුදු තුනක බබෙක්ව describe කරන්නේ? Funny, thoughtful, creative, loving මේ හැම වචනයකින්ම අපිට පුළුවන් මේ වයසෙ පුංචි බබෙක්ව හදුන්වන්න.

සමහරක් වෙලාවට අම්මලා තාත්තලා හිතනවා අවුරුදු තුන උනා කියන්නෙ ඉතින් ලමයින්ගෙ කරදර පොඩ්ඩක් අඩුයිනෙ කියල. හැබැයි ඒක නං ඇත්ත නෙමෙයි. ඒක ඇත්ත නෙමෙයි කියල මම කියන්නෙ ඇයි කියල බලන්න ඕන නම් ඔයාලට post එක අන්තිම වෙනකන්ම කියවන්න වෙනවා.

අවුරුදු තුනක බබෙක්ගෙ Language and Cognitive Milestones ගැන එහෙමත් නැත්නම් මොළයේ වර්ධනය වීම් ගැනයි එයාලගේ භාෂා කුසලතා ගැනයි අපි මුලින්ම කතා කරමු. මේ කාලෙදි එයාලා වචන 4 ක් 5 එකතු කරල වාක්‍ය හදල ඔයා එක්ක කතා කරන්න පටන් ගන්නවා. එක එක බඩු වල නම් කියන්න, එයාට දෙන උපදෙසක් පිළිපදින්න එයාට මේ කාලෙදි පුළුවන්. ඒ වගේම තමයි මේ කාලෙදි ඔයාගෙ බබා ඔයාගෙන් අහන ලොකුම ප්‍රශ්න දෙක තමයි, “ how?” සහ “why?” කියන දෙක.

අපි මේ Milestone එකට අදාලව චෙක් ලිස්ට් එකක් හැදුවොත් ඒකට එන්නේ මෙන්න මේ ටික…

  • ඕනම කෙනෙකුට තේරෙන විදියට කතා කරන්න මේ වයසෙදි බබාට පුළුවන් වෙනවා.
  • එයාගේ නම වගේම යාලුවන්ගෙ නම් කියන්නත් එයාට මේ වෙනකොට පුළුවන්.
  • මම, මගේ, අපි, ඔයා වගේ සර්ව නාම එහෙමත් නැත්නම් pronouns පාවිච්චි කරන්නත් එයා හුරු වෙනවා.
  • කෑලි 3 – 4 ක් තියෙන puzzle එකක් විසදන්න, එකයි දෙකයි තුනයි කියල තුනට යනකන් දෙයක් ගණින්නත් එයාට පුළුවන්.
  • බබාට ඔයා කියල දීපු කතන්දරයක් මතක තියාගෙන ආයෙම කියන්නත් මේ වයසෙදි පුළුවන්.

හරි අපි දැන් බලමු දෙවෙනි Milestone එක මොකද්ද කියල. දෙවෙනි milestone එක තමයි Movement, Hand, and Finger Milestone එක. ඔයාගේ අවුරුදු තුනක් වයස බබා, එක මොහොතක් වත් එක තැන ඉන්නෙ නැත්නම් ඒක ගැන පුදුම වෙන්න එපා. ඒකට හේතුව තමයි එයාගේ ඇගේ මේ වයස වෙනකොට ටොන් ගණනක් energy එක එකතු වෙලා තියෙන එක. ඒ විතරක් නෙමෙයි එයා මේ වයසෙදි තමයි අලුත් දේවල් ඉගෙන ගන්නේ. ට්‍රයිසිකල් එකක් පදින්න, පඩිපෙලක හිමිහිට පඩියක් උඩට නගින්න බහින්න, කලින් වගේ නැතුව පහසුවෙන් දුවන්න පනින්නත් එයාට දැන් දැන් පුළුවන් කම ලැබෙනවා.

ඒ විතරක් නෙමෙයි බ්ලොක් හයක් විතර පාවිච්චි කරලා පොඩි ටවර් එකක් හදන්නත් මේ වයසට එයාට පුළුවන්. පෑනක්, පැන්සලක්, මාර්කර් එකක් හරි අතට අහුවෙන ඕනම එකකින් දෙයක් අදින්නත් එයා හුරු වෙන්නේ මේ කාලයේදීයී. මේ milestone එකටත් චෙක් ලිස්ට් එකක් හැදුවොත් ඒකට එන්නේ මෙන්න මේ දේවල් ටික.

  • තනියම ඇදුම් අදින්න වගේම ගලවන්න එයාට දැන් පුළුවන්.
  • අත් දෙක හෝදගන්න පිහිදගන්න එක.
  • තනියම හැන්දකින් කෑම කන්න.
  • බෝලයක් විසි කරන්න.
  • අඩුම තරමින් තත්පරයක් එක කකුලෙන් බැලන්ස් එකේ ඉන්න.

අවුරුදු තුනක බබෙක්ගේ milestone දෙකක් ගැන අපි කතා කලා. දැන් අපි කතා කරමු එයාගේ emotional and social milestone එක ගැන. අවුරුදු දෙකේ වීඩියෝ එකේදී බබාලට ඇතිවෙන tantrums ගැන මම ඔයාලත් එක්ක කතා කලා. අවුරුදු තුනක් වුනත් තාමත් බබෙකුට තමන්ගේ හිතේ ඇතිවෙන හැගීම් තේරුම් ගන්න එක ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා මේ වගේ තත්වයක් ඇති වෙන එක පුදුම වෙන්න කාරණයක් නෙමෙයි. මේ කාලෙදි එයාලා හරිම කැමතියි සෙල්ලම් ගෙවල් හදන්න. ඒ වගේම ජීවිතේ පලවෙනි වතාවට යාලුවෝ හදාගෙන සෙල්ලම් කරන්නත් දරුවෝ පටන් ගන්නේ මෙන්න මේ වයසෙදියි. හැබැයි එයාගේ සෙල්ලම් බඩු නම් කාටවත් දෙන්න තාමත් එයාලා සූදානම් නැහැ.

මීට අමතරව අවුරුදු තුනක දරුවෙකුගේ milestones ගැන කතා කලොත් ගොඩක් වෙලාවට අම්මලා එයාල්ව potty training කරන්න පටන් ගන්නේ මේ කාලයේදීයී. හැබැයි මේ වයසෙදි හරියටම මේක කරගන්න පුළුවන් වෙයි කියල නම් මම කියන්නෙ නැහැ. මොකද බබෙක්ගෙන් බබෙක්ට හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ වෙලාවක අම්මගේ තාත්තගෙ ඉවසීම බබාට ගොඩක් වැදගත් වෙනවා. සමහරක් බබාලා දවසෙන් දෙකෙන් දෙයකට හුරු වුනත් සමහරක් බබාලට ඒ වෙනුවෙන් අවුරුද්දක් වුනත් ගත වෙන්න පුළුවන්. ඒක හරිම ස්වාභාවික දෙයක්.

අම්මලා විදියට මේ වයසෙ බබෙක්ට ඉගෙන ගන්න ගමන් වැඩෙන්න උදව් කරන්න ඕන. ඒක කරන්නෙ කොහොමද. ඒක ගැන අපි දැන් කතා කරමු.

අපි කලිනුත් කිව්ව වගේ මේ වයසේ දරුවෙක්ට එයාගේ feelings ගැන ලොකු අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි එයා melting down වෙන්නේ. බිම පෙරලිලා කෑ ගහලා අඩන්න එයාලා හුරු වෙන්නේ මෙන්න මේ හන්දා තමයි. මෙ වගේ වෙලාවට මුලින්ම කරන්න ඕන වැඩිහිටියෝ වෙන අපි සන්සුන් වෙන එක. ඊට පස්සෙ ඔයාට පුලුවන් එයාට මේ දැනෙන්නේ දුකක්, තරහක් කියල තේරුම් කරලා දෙන්න. ඒවගේම තමයි මෙහෙම කෑ ගහලා අඩන වෙලාවක එයාගේ අවධානය වෙන අතකට දෙන්න. එයා කැමතිම දෙයක් මතක් කරල දෙන්න. එයා අඩන්නේ මොනව හරි ඉල්ලලා නම්, ඔයාට පුළුවන් කියන්න අපි කොහෙ හරි යමුද කියල. මේ විදියට එයාගේ අවධානය වෙනස් කරන්න. ඒ වගේම තමයි නිතරම බබාගෙ බඩ පිරිලද එයා නිදිමතේද ඉන්නේ කියල බලන්න. මොකද ගොඩක් වෙලාවට බබාල meltdown වෙන්නේ එයාලා බඩගින්නේ නිදිමතේ ඉන්නවා නම් තමයි.

වෙනදා වගේම අපි බලමු මේ වයසෙ ඉන්න බබෙක්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි මොනවද කරන්න ඕන විශේෂ දේවල් කියල.

මේ වෙනකොට කලින් හිටියට වඩා ඔයාගේ බබාගේ උස වැඩිවෙලා වගේම බරත් වැඩි වෙලයි තියෙන්නෙ. එයාට අනිවාර්යෙන්ම පැය 11 – 13 අතර කාලයක නින්දක් ඕන. ඒවගේම හොද ව්‍යායාම වගේම හොද healthy කෑම වේලකුත් ඕන. සමහර වෙලාවට එයාලට කවන එක නම් ඒ තරම් ලේසි නෑ තමයි. හැබැයි ගනන් ගන්න එපා. ඔය හැමදේම ටික කාලයකදි හරියනවා. මේ කාලෙදි බබා නිතරම සෙල්ලම් කරන නිසා එයා ගැන හොද අවධානයකින් ඉන්න. ඒවගේම එයාට පාර ගැන, වාහන ගැන එයාට වෙන්න පුලුවන් අනතුරු ගැන කියල දෙන්න. ඒවගෙන් බේරෙන විදියත් එයාට කියල දෙන්න.

මේ වයසෙ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන අවස්ථා කීපයක් තියෙනවා. බබාට මීට කලින් ඇවිදින්න පනින්න පුළුවන් කම තිබුනත් එක පාරටම එයා ඒවා නවත්වලා දානවා නම් ඒවගේ අවස්තාවක අපි ඉක්මනින්ම අවශ්‍ය පියවර ගන්න ඕන. ඒවගේම දුවන්නේ පනින්නේ නැති වෙලාවල් වලදීත් නිතරම බබා වැටෙනවා නම් තුවාල කරගන්නවා නම් ඒකත් අනිවාර්යෙන්ම අවධානය යොමු කරනන් ඕන අවස්ථාවක්. ඒවගේම සෙල්ලම් කරන කොට බබාට අනවශ්‍ය විදියට මහන්සි නම් ඒකත් අපි සුළුවෙන් තකන්න හොද නැහැ. මේ වගේ දේකදි වහාම අදාල වෘත්තියවේදීන් මුණ ගැහෙන එක අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක්.

ඉතින් post එක ඉවර කරන්න කලින් තව පොඩි දෙයක් ඔයාලට කියන්න ඕන. කලින් කිව්ව වගේම ගොඩක් අම්මලා හිතනවා අවුරුදු තුනක් උනාට පස්සෙ බබෙක් බලා ගන්න එක ගොඩක් පහසු දෙයක් කියල. ඉතින් ඇත්තටම ඒක එහෙම නෑ කියල ඔයාටම දැන් තේරෙනවා ඇති. මේ වයසෙදි ඔයාගේ ආදරය ආරක්ෂාව ගොඩක් එයාට ඕන. ඉතින් අඩුවක් නැතුව එයාට ඒක දෙන අතරේ එයාට හොදින් ලොකු මහත් වෙන්න ඔයාගේ සහයෝගයත් ලබා දෙන්න.

Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!
×