HomeLifestyle

බැනලා දරුවෝ හදන්න පුළුවන්ද?

බැනලා දරුවෝ හදන්න පුළුවන්ද?

Parenting කියන්නේ දරුවෙක් හදා වඩා ගන්න එක විතරක්ම නෙමෙයි කියන එක මේ වෙනකොට ඔයාලා දන්නවා ඇති. මේ වෙනකොට අපි parenting කියන්නේ මොකද්ද, good parenting ක

පසු ප්‍රසව විශාදයේ (Postpartum) ගොදුරක් වෙන්න කලින් ඒ ගැන දැනගන්න.
ADHD රෝගය කුඩා වයසේදී පාලනය නොකලොත්? 
දරුවන් කලට වෙලාවට නින්දට යවමු.

Parenting කියන්නේ දරුවෙක් හදා වඩා ගන්න එක විතරක්ම නෙමෙයි කියන එක මේ වෙනකොට ඔයාලා දන්නවා ඇති. මේ වෙනකොට අපි parenting කියන්නේ මොකද්ද, good parenting කියන්නේ මොකද්ද, Bad parenting කියන්නේ මොකද්ද වගේ දේවල් ගැන කතා කරලා තියෙනවා. ඒ අතරින් දෙමාපියන් ගොඩ දෙනෙක් අතර දකින්න හම්බෙන තවත් එක පොදු තත්වයක් ගැන කතා කරන්න අපි තීරණය කලා. දරුවන්ට කෑ කෝ ගහන එක, දෝෂාරෝපණය කරන එක ඉංග්‍රීසී භාෂාවෙන් කිව්වොත් parental burnout කියන කාරණය ඇත්තටම හොද parenting behavior එකක්ද? දරුවෙක්ගේ වැරැද්දකට එයාට කෑ ගහල බැනලා අපි කරන්නේ හොද දෙයක්ද? අපි ඒ ගැන අපි වැඩි දුරටත් කතා කරමු.

අපි කලින් කිව්වා වගේම හොද parent කෙනෙක් වෙන එක අපි හිතන තරම් පහසු දෙයක් නෙමෙයි. අධික වෙහෙස, Depression තත්ව වගේම stress එක නිසාත් parental burnout කියන තත්වය ඇති වෙනවා. ඔයා parent කෙනෙක් නම් මේ වෙනකොට ඔයා නොදැනුවත්වම parental burnout කියන තත්වයට ඔයා පත් වෙලා ඇති. එහෙමත් නැත්නම් පත් වෙමින් ඉන්නවා වෙන්න පුළුවන්. මේ සම්බන්ධව දෙමාපියන් 2000ක් සම්බන්ධ කරගෙන සිදු කරපු පරීක්ෂණයකදීත් සියයට 82ක් තරම් විශාල ප්‍රමාණයක් දරුවන්ට නිතරම කෑ ගහන, බනින දෙමාපියන් බව සනාථ වෙලා තියෙනවා. ඒවගේම ලෝකය පුරා රටවල් 42 ක සිදු කරපු සමීක්ෂණයකිනුත් සනාථ උන දෙයක් තමයි මෙන්න මේ parental burnout කියන එක බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා කියන එක.

ඒවගේම තමයි Parent කෙනෙක් දරුවෙක්ට කෑගහන එක, බනින එක සාමාන්‍ය දෙයක් කියල ඔයාට හිතෙන්න හේතුව තමයි අපි නිතරම සමාජයේදී parental burnout කියන තත්වය අත් දකින එක. දරුවෝ කියන දේ අහන්නේ නැත්නම්, කන්නෙ නැත්නම්, දග නම් මේ හැම වෙලාවකම අම්මා තාත්තා කරන්නේ දරුවන්ට බනින එක. වඩාත්ම කණගාටුදායක කාරණය තමයි මේක වරදක් විදියට නොපෙනෙන තරමටම අපි ඉන්න සමාජය ඇතුලේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන එක. හැබැයි ඇත්තටම ඔයා දරුවෙක්ට කෑ ගහල මොර දීලා බනින කොට, එයාට මොනවා හිතෙනවා ඇද්ද? ඒ වෙලාවට දරුවෙක්ට තමන් කරන්න ඕන මොනවද කියල හිතා ගන්න බැරි powerless තත්වයකට පත් වෙනවා. හැබැයි එයා පොඩි කාලේ ඉදන්ම ඔයාගෙන් නරක behavior එකක් ඉගෙන ගන්නවා. ඒ තමයි එයත් පොඩි දේටත් කෑ කෝ ගහන, බැනවදින, yell කරන කෙනෙක් බවට අනාගතයේදී පත් වෙනවා.

අපි කලින් කිව්වා වගේම මේ parental burnout කියන තත්වය වරදක් කියල නොදැනෙන තරමටම සුලබ දෙයක් බවට පත් වෙලා තියෙන්නේ වර්තමානයේ parents ලා බවට පත් වෙලා ඉන්න අපි කුඩා කාලයේ ලබපු නරක අත්දැකීම් නිසා වෙන්න පුළුවන්. සරලවම අපේ දෙමාපියන් අපිට කෑ ගහල බැනපු හැටි මේ වෙනකොට අපිට මතක නැති වුනත් දරුවන් විදියට අපි ඒ වෙලාවේදි අත් විදපු අත්දැකීම් අනුව අපි තේරුම් ගන්නවා, කෑ ගහන එක බනින එක කරන්න ඕන දෙයක් කියන එක. ඒ පුරුද්ද අනුව අපිත් අපේ දරුවන්ට කෑ ගහන්න බනින්න ගියොත්, අපේ දරුවන් දවසක parent කෙනෙක් උනොත් එයත් කරන්නේ ඒ දේමයි. මේක චක්‍රයක් විදියට හැමදාමත් ඉදිරියට යනවා.

වඩාත්ම කණගාටුදායක දේ තමයි parental burnout කියන තත්වය තමන් ලගත් තියෙනවා කියන එක ගොඩක් දෙමාපියන් දන්නේ නැතිකම. ඇත්තටම parental burnout කියන තත්වය තියෙන දෙමාපියෙක් ලග දකින්න ලැබෙන ලක්ෂණ මොනවද? අපි දැන් ඒ ගැන බලමු.

  • කායිකව වගේම මානසිකව අධික වෙහෙසට පත් වීම.
  • අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන එක එපා වෙන තත්වයට එහෙමත් නැත්නම් fed up තත්වයකට පත් වීම.
  • තමන්ගේ දරුවන් සමග emotional Bond එකක් පවත්වාගෙන යාම අපහසු වීම.
  • තමන්ගේ වැඩ රාජකාරී සදහා දිනය ප්‍රමාණවත් නැති බව දැනෙන්නට පටන් ගැනීම.
  • තමන්ගේ දරුවන් දැකීම ඔවුන්ගේ හඩ ඇසීම පවා කරදරයක්, වදයක් වීම.
  • තමන් bad parent කෙනෙක් බව විශ්වාස කිරීම නිසා අනවශ්‍ය මානසික ආතතියකට සහ පීඩනයකට ලක් වීම.
  • සුවදායක නින්දක් නොලැබී යාම සහ ඒ නිසාම irritability සහ anxiety තත්වයට පත් වීම.

මෙවැනි ලක්ෂණ වලින් ආරම්භ වෙන මෙම තත්වය වඩාත් දරුණු වුණු අවස්තාවක තමන් කොයි තරම් තමන්ගේ දරුවන්ට ආදරය දැක් වූවත් දරුවන් දැකීම පවා එපා වෙන තත්වයට parent කෙනෙක් පත් වෙන්නට පුළුවන්. parental burnout තත්වයේ උච්චතම අවස්ථාවට පත් වුණු parent කෙනෙක් එයට ප්‍රතිචාර දක්වන ආකාර දෙකක් තිබෙනවා.

එයින් පළමු වැන්න වන්නේ, SILENT STRUGGLE නම් තත්වයයි. මෙහිදී parent කෙනෙක් නිතරම නිහඩව සිටීමට උත්සාහ කරන අතර හැකි තරම් අඩුවෙන් කතා බහ කිරීමට කටයුතු කරනවා.

දෙවැන්න VOCAL BATTLE විදියට අපිට හදුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයකදී parent කෙනෙක් නිතරම කෑ ගසමින්, තර්ජනය කරමින්, දරුවන්ට දඩුවම් කරමින් ඉවසීමක් නොමැතිව කටයුතු කිරීමට පටන් ගන්නවා.

නිතරම බැනුම් අසන parental burnout තත්වයට පත් වුණු දෙමාපියෙක් ලග හැදී වැඩෙන දරුවෙක්ට සිදු වෙන හානි මොනවද? අපි ඒ ගැනත් කතා කරමු.

  • පර්යේෂණ ගණනාවකින් තහවුරු වෙලා තියෙන දෙයක් තමයි මේ තත්වයට පත් වුණු දරුවෙක්ගේ මොළය සාමාන්‍ය දරුවෙකුගේ මොළයට වඩා කුඩා එකක් කියන එක. ඒකට හේතුව මොළයේ සමහරක් අත්‍යාවශ්‍ය කොටස් අනවශ්‍ය පීඩනය නිසා හැකිලීමකට ලක් වීම.
  • ඒවගේම මේ වගේ තත්වයකට මුහුණ දෙන දරුවෙක් depression, Anxiety වගේ රෝග වලට ගොදුරු වීමේ විශාල අවධානමක් තියෙනවා.
  • ආත්ම අභිමානය, ආත්ම විශ්වාසය අඩු දරුවෙක් බිහි වෙන්නේත් මේ වගේ තත්වයක් උඩයි.
  • අඩු IQ අගයක් සහිත බුද්ධි මට්ටමින් අඩු දරුවන් මේවගෙ තත්වයක් නිසා නිර්මාණය වෙනවා.

ඔයා අද වෙනතුරුත් මේ දේ කලා නම් දැන් උනත් ඔයා පරක්කු නැහැ. අපි හැමදාම කියනවනේ සර්ව සම්පූර්ණ parent ලා මේ ලෝකේ නැහැ. ඔයත් මේ අද වෙනකනුත් ඔයාගේ දරුවන්ට කෑ කෝ ගහපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උනත්, මේ අදම ඔයාට වෙනස් වෙන්න පුළුවන්.

ඒ වෙනුවෙන් මෙන්න මේ වගේ පියවර අනුගමනය කරන්න උත්සාහ කරන්න.

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ සති අන්ත නිවාඩු නැති, අස් වෙන්න බැරි, කිසිම විවේකයක් නැති රස්සාවක් කරනවාට සමාන දෙයක්. මෙන්න මේ නිසාම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට අපි TRAP වෙලා වගේ හිර වෙලා වගේ feeling එකක් දැනෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඉතින් ඔයා කරන්නේ අස් වෙන්න බැරි ජොබ් එකක් නම්, දැන් ඔයාට කරන්න තියෙන එකම දේ තමයි මේ ජොබ් එක හරියට ආසාවෙන් කරන්න ඉගෙන ගන්න එක.

parental burnout එකකින් ඔයා පීඩා විදිනවා නම් ඔයාට ඒකෙන් ඈත් වෙන්න තියෙන එකම සහ හොදම විදිය තමයි හැකි උපරිමයෙන් ඔයාගේ හැගීම් පාලනය කරගන්න එක. දරුවෝ ඔයා කියන දේ අහනවා නම් ඇත්තටම parenting කියන භාරදූර කාර්යය ඔයාට ගොඩක් පහසු එකක් වෙනවා. ඔයා ඉවසීමෙන් බොහොම සාවධානව දරුවන් එක්ක කටයුතු කරන කොට එයාලා ඔයා එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ක්‍රමයෙන් පටන් ගන්නවා. මේක එක වරම සිදු නොවුනත් ක්‍රම ක්‍රමයෙන් අත් වෙන ප්‍රගතිය ඔයාටම අත් විදින්න පුළුවන්.

ගොඩක් parents ලා තමනගේ දරුවන්ට බනින්නේ ඒ මොහොතේ කරන්න ඕන දේ හිතා ගන්න බැරි වුනාමයි. උදාහරණයක් විදියට ඔයාගේ දරුවා ගේ පුරාම වතුර එකක් හළලා නම් ඔයාට ඒ වෙලාවේ හිතාගන්න බැරි තරහක් ඇති වෙන්න පුළුවන්. හැබැයි එක මොහොතක් නැවතිලා ඔයාගේ තරහ පාලනය කරගත්තොත් දරුවාගෙන් උන දේ අහලා ආයෙමත් ඒවගේ දෙයක් නොකරන්න එයාට අවවාද කරන්න පුලුවන්. එහෙම උනොත් බැනුම්, දෝෂාරෝපණ නැතුව ඔයාගේ ගෙදර සාමකාමී තැනක් බවට පත් වෙනවා.

ඒ වගේම ගොඩක් දෙමාපියන් තමන්ගේ දරුවන්ගෙන් පිට කරන්නේ තමන්ගේ මනසේ තියෙන වෙහෙස මහන්සිය කියන එක පර්යේෂණ ගණනාවකින්ම සනාථ වෙලා තියෙන දෙයක්. ඔයාගේ රැකියාවේ ගෙදර තියෙන ප්‍රශ්ණ නිසා ඔයා මානසිකව විඩාබර වෙලා නම් ඉන්නේ ඒක දරුවන්ගේ පිටින් යන්න ඕනතරම් ඉඩ තියෙනවා. ඒත් ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි, they don’t deserve it. මේ නිසා නිතරම තමන්ගෙ මානසික යහපැවැත්ම ගැන හිතන්න. ඔයාගේ මානසික තත්වය ධනාත්මකව තියාගෙන යන්න ඕන දේවල් අනුගමනය කරන්න. Self care routine එකක් පවත්වාගෙන යන්න. ඔයාගේත් දරුවාගේත් මනස සුවපත්ව තියාගන්න පුළුවන් ඔයාටම කියන එක මතක තියාගන්න.

ඉතින් කලින් කිව්වා ව්ගේම ඔයත් ඔයාගේ දරුවගේ වැරදි අඩුපාඩු වලදි කෑ ගහපු බැනපු parent කෙනෙක් නම් එහෙම වෙන්නේ ඇයි, ඒකෙන් දරුවෙක්ට වෙන බලපෑම වගේම, මේ තත්වය වලක්වා ගන්න ක්‍රමයත් දැන් දන්නවා. මේ නිසා වහාම ක්‍රියාතමක් වෙන්න. මේ පුරුද්ද නවත්වන්න. අපිට පුළුවන් අපේ පරම්පරාවෙන් අපේ දරුවන්ට මේ පුරුද්ද ඉදිරියට සංක්‍රමණය වෙන එක නවත්වන්න.

Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!