HomeNews

Donald Trump, කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත

Donald Trump, කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත

කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.රටවල්

කැනඩාවේ ලැව්ගිනි වලින් අමෙරිකාවට බලපෑම්.
කැනඩාවේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය ඇමති පදවියට ශ්‍රී ලාංකික කාන්තාවක්.
කැනඩාවේ දරුණු ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාවටත් බලපෑම්: ජනතාවට “Mask පළඳින්න” බලධාරීන් කියයි.   

කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටවල් දෙක සඳහා අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ 25% ක තීරුබද්ද මාසයක කාලයක් මෙලෙස අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

දේශසීමා ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමට පියවර ගැනීමට මෙක්සිකෝව සහ කැනඩාව එකඟ වීමෙන් පසුව ට්‍රම්ප් සිය තීරණය ආපසු හැරවීමට කටයුතු කරනු ලැබීය.

කැනඩාව, මෙක්සිකෝව සහ චීනයට තීරුබදු පැනවීමට මීට පෙර අමෙරිකානු ජනාධිපතිවරයා දුන් නියෝගයත් සමඟ යුරෝපයේ සහ ආසියාවේ කොටස් වෙළෙඳපොළ පසුබෑමකට ලක්ව තිබේ.

ඒ අනුව යුරෝපා කොටස් වෙළෙඳපොළ සියයට එකකින් සහ ජපාන කොටස් වෙළෙඳපොළ 2.7%කින් පසුබෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Share this:
error: Content is protected !!
×