HomeNewsSri Lankan News

දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට සූදානම්

දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට සූදානම්

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එළඹෙන 6 වැනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්

Don Bradman සම කළ අපේ දක්ෂ කොල්ලා, කමිඳු
ප්‍රථම එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට
කොදෙව්වන් පරදා ප්‍රථම එක්දින තරඟය සිංහයෝ ජයගනී

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එළඹෙන 6 වැනිදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. මේ බව, දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බව වාර්තා වෙයි.‍

පෙබරවාරි 6 වැනදා ඇරඹෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගයයි. මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 99කට ක්‍රිඩාකර ඇති දිමුත් එහිදී ටෙස්ට් ලකුණු 7172ක් රැස්කර තිබේ.

ඔහු ටෙස්ට් ශතක 16ට හිමිකම් කියයි. දිමුත් 2019 සිට 2023 දක්වා කාලවකවානුව තුළ ටෙස්ට් තරග 30කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් ආරම්භක පිතිකරුවා ලෙස සැලකෙන දිමුත් කරුණාරත්න පෙබරවාරි 6වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් පිටියෙන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්ද සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.

Share this:
error: Content is protected !!
×