HomeNews

කැනඩාවේ දරුණු ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාවටත් බලපෑම්: ජනතාවට “Mask පළඳින්න” බලධාරීන් කියයි.   

කැනේඩියානු බලධාරීන් පවසන්නේ රට වාර්තාගත දරුණුතම ලැව්ගිනි සමය සඳහා හැඩගැසී ඇති බවයි.

කැනඩාවේ දරුණු ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාවටත් බලපෑම්: ජනතාවට “Mask පළඳින්න” බලධාරීන් කියයි.   

කැනඩාවේ ප්‍රාන්ත කිහිපයකින් ක්‍රමයෙන් ආරම්භ වුණු ලැව් ගින්න හේතුවෙන්  ඊයේ ජුනි 07 වන දින වන විට හෙක්ටයාර 3.8m (අක්කර මීටර් 9.4)කට වඩා වැඩි භූමි ප්‍ර

Foxconn විද්‍යුත් මෝටර් රථ නිපදවීමට සුදානම්.
එක්සත් ජනපදයේ අධික වැසි හා ගංවතුර තත්වයක්.
ශ්‍රී ලාංකික ටියානා ඇමරිකාව නියෝජනය කරයි

කැනඩාවේ ප්‍රාන්ත කිහිපයකින් ක්‍රමයෙන් ආරම්භ වුණු ලැව් ගින්න හේතුවෙන්  ඊයේ ජුනි 07 වන දින වන විට හෙක්ටයාර 3.8m (අක්කර මීටර් 9.4)කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇත. එය වසරේ මෙම කාලය සඳහා වසර 10ක සාමාන්‍යය මෙන් 12 ගුණයක ප්‍රදේශයකි.

කැනේඩියානු බලධාරීන් පවසන්නේ රට වාර්තාගත දරුණුතම ලැව්ගිනි සමය සඳහා හැඩගැසී ඇති බවයි.

කෙසේ නමුත් කැනඩාවේ දැඩි ලැව්ගිනි හේතුවෙන් උතුරු ඇමරිකාවේ මිලියන ගණනක් මිනිසුන්ට එළිමහනේ N95 Mask පැළඳීමට උපදෙස් දී ඇත.

කැනඩාව පවසා ඇත්තේ මිනිසුන්ට ගෘහස්ථව සිටීමට නොහැකි නම් Mask පැළඳිය යුතු බවයි.

අනතුරුදායක දුම් සහිත තත්ත්වය සති අන්තය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව නිලධාරීන් අනතුරු අඟවයි.

එමෙන්ම Quebec වෙතින් බොහෝ දුමාරයක් පැමිණේ. පළාතේ පදිංචිකරුවන් 15,000 කට වැඩි පිරිසකට ඉවත් කිරීමට නියමිතයි. Environment Canada පවසා ඇත්තේ බ්‍රහස්පතින්දා Torontoහි තවත් දුමාරයක් එන බැවින් තත්වයන් නරක අතට හැරෙන බවයි.

මේ අතර, එක්සත් ජනපද පරිසර ආරක්ෂණ ඒජන්සිය (Environmental Protection Agency-EPA) ඊසානදිග බොහෝ ප්‍රදේශ වල වාතයේ ගුණාත්මක භාවය “සෞඛ්‍යයට අහිතකර” ලෙස වර්ගීකරණය කර ඇත.

New York හි, තැඹිලි පැහැති මීදුමකින් නගරයේ අහස ආවරණය වූ අතර Liberty ප්‍රතිමාව ඇතුළු බිම් සලකුණු වැසී ගියේය.

සියලු New York වැසියන් එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් දුරට සීමා කරන ලෙස නගරාධිපති Eric Adams පවසා සිටී.

බදාදා, Washington DC ප්‍රදේශයේ පාසල් ද වාතයේ ගුණාත්මක මට්ටම් “රතු” ලෙස ලේබල් කර ඇති බැවින් එළිමහන් ක්‍රියාකාරකම් අවලංගු කරන ලදි.

දුමට නිරාවරණය වීම හැකිතාක් අවම කරන ලෙසත් මහජන සෞඛ්‍ය නිලධාරීන් ජනතාවට අවවාද කර ඇත.

එමෙන්ම ප්‍රාදේශීය නිලධාරීන්ට සහාය වීම සඳහා එක්සත් ජනපද ගිනි නිවන භටයින් 600 කට වැඩි පිරිසක් කැනඩාවට යවා ඇති බව ධවල මන්දිරය බදාදා නිවේදනය කළේය.

 
Share this:
error: Content is protected !!
×