පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩාවේ අග්‍රාමාත්‍ය Justin Trudeau මහතා තුෂාරා විලියම්ස් මහත්මිය කැනඩාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමා
පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩාවේ අග්‍රාමාත්‍ය Justin Trudeau මහතා තුෂාරා විලියම්ස් මහත්මිය කැනඩාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර ඇත.
කැනඩා රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමි වූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව තුෂාරා විලියම්ස් මහත්මිය වේ.
තුෂාරා මහත්මිය කොළඹ දී උපත ලබා ඇති අතර ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයෙන් හදාරා ඇත. 1991 වසරේදී ඒ මහත්මිය කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර කැනඩාවේ University of Toronto හී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇත.
එපමණක් නොව ගෝලීය සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ව ශාස්ත්‍රපති උපාධියද ලබා ගැනීමට ඇය සමත් ව ඇත.
ඉන් පසු ඇය කෙටි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සේවය කර තිබේ.
තුෂාරා මහත්මිය 2001 වසරේදී කැනේඩියානු සිවිල් සේවයට බැඳී ඇති අතර ඇය සමාජ, ආර්ථික සහ මූල්‍ය අංශ වල අත්දැකීම් බහුල කාන්තාවකි.
තුෂාරා මහත්මිය කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීමට පෙර තනතුරු ගණනාවක් හොබවා ඇත.