ලෝක ටෙස්ට් ඉතිහාසයේ අඩුම තරග ගණනකදී වේගයෙන් ලකුණු 1000ක් පසුකළ ක්‍රීඩක ලයිස්තුවේ තුන්වැන්නා බවට පත්වීමට කමිඳු මෙන්ඩිස්ට හැකි විය. ඔහු ඉනිම 13කදී
ලෝක ටෙස්ට් ඉතිහාසයේ අඩුම තරග ගණනකදී වේගයෙන් ලකුණු 1000ක් පසුකළ ක්‍රීඩක ලයිස්තුවේ තුන්වැන්නා බවට පත්වීමට කමිඳු මෙන්ඩිස්ට හැකි විය. ඔහු ඉනිම 13කදී ජනප්‍රිය දොන් බ්‍රැඩ්මන් සහ ජෝර්ජ් හෙඩ්ලි සම කළේය. මෙන්ඩිස්ට වඩා වේගයෙන් ලකුණු ලබා ඇත්තේ Everton Weekes (10), Herbert Sutcliffe (12) සහ Robert Harvey (12) පමණි.
නවසීලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ ඊයේ දෙවැනි දිනයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කමිඳු නොදැවී ලකුණු 182ක් ලැබීමත් සමඟ ඔහුගේ ටෙස්ට් ලකුණු ගණන 1004 දක්වා ඉහළ ගියේය.
මෙතෙක් ශ්‍රී ලංකාවේ පිතිකරුවකු අවම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය වේගවත්ම පිතිකරුවා කමිඳුවන අතර, හිටපු ටෙස්ට් පිතිකරු රෝයි ඩයස් ඉනිම 23කදී මෙම දස්කම දක්වා තිබිණි.
මේ වන විට නවසීලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිම ලකුණු 88ට සියළු දෙනා දැවී ගොස් ඇති අතර 3වන දිනයේ දිවා විවේකයට තරඟය නතර කරන විට ද්වන ඉනිමට නවසීලන්තය ලකුණු 3ට එක් කඩුල්ලක් දැවී ගොස් ලංකා ඉනිමට වඩා ලකුණු 511ක් පිටුපසින් සිටී.