HomeNewsSri Lankan News

කොදෙව්වන් පරදා ප්‍රථම එක්දින තරඟය සිංහයෝ ජයගනී

කොදෙව්වන් පරදා ප්‍රථම එක්දින තරඟය සිංහයෝ ජයගනීSri Lanka Cricket

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ප්‍රථම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (ඔක්තෝබර් 20) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ප

චරිත් තරඟය සම කරයි
ප්‍රථම ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් ඉල්ලා අස්වේ.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ප්‍රථම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (ඔක්තෝබර් 20) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර කඩුලු හතරක් දැවී ලකුණු 185 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. එබැවින් D/L න්‍යාය අනුව පන්දු වාර 37කට සීමාවූ තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 234 ඉලක්කයක් ලබා දුන්නා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 31.5 ක් අවසානයේදී කඩුලු 5 පමණක් දැවී ලකුණු 254 ක් ලබා ගනිමින් තරඟයේ ජය තමන් සතු කරගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක චරිත් අසලංක ලකුණු 77 ලබාගත් අතර සිය ප්‍රථම එක්දින තරඟයට ක්‍රීඩා කළ නිශාන් මදුශංක මංගල අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 69ක් ලබාගනු ලැබුවා. දෙරට අතර දෙවන එක්දින තරඟය ලබන 23 වැනිදා පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.

Share this:
error: Content is protected !!
×