ඉන්දීයාවේ 18 හැවිරිදි Gukesh Dommaraju ‘ලොව ළාබාලතම චෙස් ශූරයා’ ලෙස අභිසෙස් ලබා තිබෙයි. ඔහු ඊයේ (12) සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතා චෙස් තරගාවලියේ අවස
ඉන්දීයාවේ 18 හැවිරිදි Gukesh Dommaraju ‘ලොව ළාබාලතම චෙස් ශූරයා’ ලෙස අභිසෙස් ලබා තිබෙයි. ඔහු ඊයේ (12) සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතා චෙස් තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ වත්මන් ශූර චීනයේ Ding Liren අභිබවා යමිනි.


ඒ අනුව Ding Liren 7 පරාජය කළ Gukesh ,18 වැනි ලෝක චෙස් ශූරයා ලෙස ඉතිහාසගතවනු ඇති. එමෙන්ම ඔහු විශ්වනාදන් ආනන්ද්ගෙන් පසු ඉන්දියාවෙන් වාර්තා වුණු දෙවන ලෝක ශූරයා ද වීම සුවිශේෂීයි. විදෙස් වාර්තාවන්ට අනුව ගුකේෂ් දොමරජු හමුවේ පරාජයට පත්වූ චීනයේ Ding Liren මෙතෙක් ලෝකයේ පස්වන ස්ථානයේ සිටි චෙස් ශූරයා යි. චීනයේ ඔහුට හිමි වන්නේ දෙවන ස්ථානය බව සඳහන් වෙයි.
තරග 14 කින් සමන්විත ලෝක ශූරතා තරගාවලිය පසුගිය දෙසතිය තුළ ලොව පුරා චෙස් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුණි.මෙම තරඟයෙන් ජයග්‍රහණය කළ ගුකේෂ් දොමරජු වයස අවුරුදු 6 හමාරේ සිට චෙස් ක්‍රීඩාවට යොමු වී ඇති අතර මෙම ජයග්‍රහණය ලබන්නට හීන මවමින් සිටි බව පැවැසීය.