HomeNewsSri Lankan News

ලංකාවේ පොඩ්ඩො ජාත්‍යන්තර කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියේ වැඩ පෙන්වයි

ලංකාවේ පොඩ්ඩො ජාත්‍යන්තර කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියේ වැඩ පෙන්වයි

රුමේනියාවේ පැවති 21 වැනි ජාත්‍යන්තර කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් - 2024 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්

Turkey තානාපති ශ්‍රී ලංකා කථානායක හමුවෙයි
වියට්නාම තානාපතිවරිය කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයා හමුවෙයි
ඉන්දු – ශ්‍රී ලංකා බෝට්ටු සේවාව යළිත් ඇරඹෙයි

රුමේනියාවේ පැවති 21 වැනි ජාත්‍යන්තර කනිෂ්ඨ විද්‍යා ඔලිම්පියාඩ් – 2024 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් 06 දෙනාම පදක්කම් දිනා ගනිමින් අනතුරුව 12/13 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

              මෙම තරගාවලිය 12/02 දින සිට 12/11 දින දක්වා ලෝකයේ රටවල් 52 ක ශිෂ්‍යයන් 315 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රුමේනියාවේ බුකාරෙස්ට් නුවර පවත්වා තිබුණි . එහිදී මෙම තරගාවලියට සහභාගී වූ මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ සිතුමිණි සමරකෝන් , පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අනුෂ්ක ඉදුවර , ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තෙනුක වික්‍රමරත්න සහ වව්නියා දෙමළ විද්‍යාලයේ පී.කැසිබල් යන සිසුන් සිව් දෙනා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

                   මීට අමතරව මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ හසිදු නවරත්න සහ යාපනය හින්දු විද්‍යාලයේ වී.ශ්‍රී රාම් සිසුන් දෙදෙනා ද ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි .

             ඔවුන් 12/13 දින උදෑසන 09.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 1025 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

Share this:
error: Content is protected !!
×