HomeNews

ලෝක ටෙස්ට් ශූරතාවය ඕස්ට්‍රේලියාවට.

ලොක ටෙස්ට් ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ලෝක ටෙස්ට් ශූරතාවය ඕස්ට්‍රේලියාවට.

ලොක ටෙස්ට් ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ඒ ඉන්දියානු කණ්ඩායම ලකුණු209න් පරාජය කිරීමෙනි. තරඟය පැවැත්වුනේ එංගලන්තයේ, ලන්ඩන් නුව

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්…
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
ඕස්ට්‍රේලියානු පාසලක් ක්‍රිකට් ප්‍රධාන විෂයක් ලෙස හඳුන්වා දෙයි

ලොක ටෙස්ට් ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. ඒ ඉන්දියානු කණ්ඩායම ලකුණු209න් පරාජය කිරීමෙනි. තරඟය පැවැත්වුනේ එංගලන්තයේ, ලන්ඩන් නුවර Kennington Oval ක්‍රීඩාංගනයේය. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දු රැකීමට තීරණය කරන ලදී.

පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව සියළු දෙනා දැවී ලකුණු 469ක් ලබා ගන්නට සම්ත් විය. එහිදී Travis Head ලකුණු 163ක්, Steven Smith ලකුණු 121ක් හා Alex Carey ලකුණු 48ක් ලබාගන්නා ලදි. ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී Mohommad Siraj කඩුළු 4ක්, Mohommad Shami සහ Shardul Thakur කඩුළු 2ක බගින් ලබාගන්නා ලදි.

ඉන්දීය ප්‍රථම ඉනිම සියළු දෙනා දැවී ලකුණු 296ට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. ඉන්දියාව වෙනුවෙන් Ajinkya Rahane ලකුණු 89ද, Ravindra Jadeja ලකුණු 48ක්ද රැස්කරනා ලදී. ඕස්ට්‍රේලියාවේ Pat Cummins කඩුළු3ක්, Mitchel Starc, Scott Boland සහ Cameran Green කඩුළු 2ක බැගින් ලබා ගන්නා ලදි.

දෙවන ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් කඩුළු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී ඉනිම අත් හිටවන ලදී. ඒ අවසරයෙන් දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 444ක් අවශ්‍ය විය.

නමුත් ඔවුනට ලබාගත හැකි වුයේ සියළු දෙනා දැවී ලකුණු 234ක් පමණක් වන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 209කින් තරඟය ජයග්‍රහණය කොට ලෝක ටෙස්ට් ශූරතාව හිමිකරගන්නා ලදි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් නේතන් ලයන් කඩුළු 4ක් සහ ස්කොට් බොලන්ඩ් කඩුළු3ක් බිඳ හෙලන්නට විය. තරඟයේ වීරයා ට්‍රාවිස් හෙඩ් ලෙස නම් කෙරින.

Share this:
error: Content is protected !!
×