HomeNewsSri Lankan News

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය හෙට දිව්රුම් දෙයි

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය හෙට දිව්රුම් දෙයි

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහ

3වන සමාලෝචනයට IMF නියෝජිතයෝ ලබන සතියේ ලංකාවට
“ඇමති නිල නිවාස බාර දෙන්න” රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හිටපු ඇමතිවරුන්ට දැනුම් දෙයි
NPP රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනපති අනුර දිසානායක ඉදිරියේ දිව්රුම් දෙති

නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 23 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් හෙට (18) පත් කිරීමට නියමිත බව වාර්තා වේ. සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේදී දිවුරුම් දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

කෙසේවුවද, ආරක්ෂක හා මූල්‍ය අමාත්‍යාංශ තව දුරටත් ජනපතිවරයා අතේම තබා ගැනීමට තීන්දු වී ඇතැයි ද පැවසේ.

හරිනි අමරසූරිය නව රජයේ අගමැති ධුරයට පත්වනු ඇති අතර, අමාත්‍ය විජිත හේරත් විදේශ ඇමති ලෙස නැවත දිවුරුම් දෙනු ඇති බවද වාර්තා වේ.

Share this:
error: Content is protected !!
×