HomeNewsSri Lankan News

NPP රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනපති අනුර දිසානායක ඉදිරියේ දිව්රුම් දෙති

NPP රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනපති අනුර දිසානායක ඉදිරියේ දිව්රුම් දෙති

ජාතික ජන බලවේග රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.htt

“ඇමති නිල නිවාස බාර දෙන්න” රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් හිටපු ඇමතිවරුන්ට දැනුම් දෙයි
නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය හෙට දිව්රුම් දෙයි
3වන සමාලෝචනයට IMF නියෝජිතයෝ ලබන සතියේ ලංකාවට

ජාතික ජන බලවේග රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර  ආරක්ෂක , මුදල්  සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ.

01ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාආරක්ෂක අමාත්‍යමුදල්  සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය , ඩිජිටල් ආර්ථික අමාත්‍ය
02අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියඅධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
03විජිත හේරත් මහතාවිදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
04මහාචාර්ය චන්දන අබේරත්න මහතාරාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
05නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
06සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියකාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
07කේ. ඩී ලාල්කාන්ත මහතාකෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය
08අනුර කරුණාතිලක මහතානාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
09රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතාධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
10මහාචාර්ය උපාලි පන්නිලගේ මහතාග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය
11සුනිල් හඳුන්නෙත්ති මහතාකර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
12ආනන්ද විජේපාල මහතාමහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
13බිමල් රත්නායක මහතාප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
14 මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාබුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
15වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
16සමන්ත විද්‍යාරත්න මහතාවැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
17සුනිල් කුමාර ගමගේ මහතාතරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
18වසන්ත සමරසිංහ මහතාවෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාවිද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
20මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාකම්කරු අමාත්‍ය
21ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාබලශක්ති අමාත්‍ය
22වෛද්‍ය ධම්මික පටබැඳි මහතාපරිසර අමාත්‍ය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

Share this:
error: Content is protected !!
×