ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තා රැසක් පිහිටුවමින් ජාතික ජන බලවේගය මෙවර මහමැතිවරණයෙන් ඡන්ද 6,863,
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තා රැසක් පිහිටුවමින් ජාතික ජන බලවේගය මෙවර මහමැතිවරණයෙන් ඡන්ද 6,863,186ක් ලබා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්මවා යන බහුතර බලයක් සමඟ ඓතිහාසික ජයග්‍රහණයක් දිනා ගැනීමට සමත් වී තිබේ.
ජාතික ජන බලවේගය ප්‍රතිශතයක් ලෙස සියයට 61.56ක ජයග්‍රහණයක් හිමිකර ගත් අතර දිස්ත්‍රික්ක මට්ටමින් 141 ක් හා ජාතික ලැයිස්තුවෙන් 18 ක් වශයෙන් මන්ත්‍රී ධුර 159 ක් දිනා ගෙන ඇත. තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගය මෙසේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඉක්මවා යන බහුතර බලයක් ලබා ගැනීමට හැකියාව ලැබීම ඉන් විශේෂත්වයකි.
NPPය මෙවර ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙතෙක් මහමැතිවරණයකදී පක්ෂයක් ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය වේ. මින් පෙර 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 60.33 ක ප්‍රතිශතයක් ලබා ගෙන තිබිණි.
එමෙන්ම මහමැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන හිමි කර ගැනීමට ද ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණු අතර එම වාර්තාව මින් පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය 2010 වසරේදී තැබූ අතර ඒ ආසන 136කි.
එමෙන්ම මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන ද මෙවර ජාතික ජන බලවේගය දිනා ගත් අතර එය දිස්ත්‍රික්ක 21කි. මින් පෙර එම වාර්තාව ද තබා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වන අතර ඒ දිස්ත්‍රික්ක 19 ක් වශයෙනි.
එමෙන්ම මහමැතිවරණයකදී ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන්නේ ද මෙවර ජාතික ජන බලවේගය දිනා ගනු ලැබූ ඡන්ද 6,863,186 ප්‍රමාණය වේ. මීට පෙර එය 2020 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තැබූ වාර්තාවක් වන අතර ඒ ඡන්ද 6853960ක් වශයෙනි.
එමෙන්ම දිස්ත්‍රික්ක මට්ටමින් දිනා ගත් වැඩිම මන්ත්‍රී ධුර ගණනට හිමිකම් කියන්නේ ද ජාතික ජන බලවේගයයි. මෙවර ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රී ධුර 141 ක් හිමි කර ගෙන තිබේ. මින් පෙර ඒ වාර්තාව තබා ඇත්තේ 2020 වසරේදී ආසන 128 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
එමෙන්ම මහමැතිවරණයකදි ජයග්‍රහණය කළ වැඩිම මන්ත්‍රී ධුර ගණන ලෙස මන්ත්‍රී ධුර 159 ක් ලබා ගෙන වාර්තාවක් පිහිටුවීමට ද ජාතික ජනබලවේගය සමත්ව තිබෙන අතර මින් පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145ක් ජයග්‍රහණය කර තිබිණි.
එමෙන්ම සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් තනි පක්ෂයක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වන අතර එම වාර්තාව තැබීමට ද ජාතික ජන බලවේගය මෙවර සමත්ව තිබේ.
එමෙන්ම පක්ෂයේ අපේක්ෂකයෙක් වූ විජිත හේරත් මහතා ලංකා මහමැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා බවට පත්වෙමින් මනාප 716715ක් ලබා ගන්නට සම්ත්විය.
එමෙන්ම සියයට 3ක මනාප ප්රතිශතයක සිට ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතරම් වාර්තා තබමින් මහමැතිවරණයක් ජයග්‍රහණය කළ පක්ෂය වන්නේ ද ජාතික ජන බලවේගයයි.