HomeNewsSri Lankan News

ඡන්ද ගණන් කිරීම වෙන්නෙ මෙහෙමයි

ඡන්ද ගණන් කිරීම වෙන්නෙ මෙහෙමයි

එළැඹෙන  (14 ) වනදා පස්වරු 4.15ට මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ම

උතුරත් දකුණත් යා වූ විශිෂ්ට මහ මැතිවරණ ජයක් NPPයට
මහ මැතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි – ඡන්දය නොවැ. 14වැනිදා තීන්දුයි
2024 මහමැතිවරණයේ මාලිමාව තැබූ ඓතිහාසික මැතිවරණ වාර්තා

එළැඹෙන  (14 ) වනදා පස්වරු 4.15ට මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ තැපැල් ඡන්ද ගණන් කිරීම ප.ව 4.15 ට ආරම්භ කිරීමට කටයුතු කරන බවයි. ඡන්ද ගණන් කිරීම 14 දින ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණ විගස ප.ව 7.15 ට නිලධාරීන් සම්පූර්ණ වූ විට දිස්ත්‍රික්කවල ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ගණන් කිරීම ආරම්භ වේ.

ඡන්දය ගණන් කිරීමේ ක්‍රමවේදය අදියර තුනක් යටතේ සිදුවන බවත් පළමුව එක් එක් ඡන්ද පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණන් කරනු ලබයි. දෙවනුව ගණන් කරනු ලබන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාවයි.

ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත් විය යුතු මන්ත්‍රී ධුර සංඛ්‍යාව ගණනය කරනු ලැබේ. ඉන් අනතුරුව පිළිගත් දේශපාලන පක්ෂවලින් හෝ ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ගේ මනාප ගණනය කිරීම සිදු කරනු ලබයි.

එක් එක් පිළිගත් දේශපාලන පක්ෂවලින් හෝ ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් ලබා ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුර තෝරා පත් කර ගැනීම සිදු කරනු ලබයි.

Share this:
error: Content is protected !!
×