HomeNewsSri Lankan News

මහ මැතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි – ඡන්දය නොවැ. 14වැනිදා තීන්දුයි

මහ මැතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි – ඡන්දය නොවැ. 14වැනිදා තීන්දුයි

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම

හෙට ඡන්දෙ කඩාකප්පල් කරන්න හැදුවොත් වෙන්නෙ මේ ටික….
ලංකා ඉතිහාසයේ අපේක්ෂකයකු ගත් වැඩිම මනාප විජිත ගනී, හරිණිගේ වාර්තාව අලුත් කරයි
මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙන්නෙ මෙහෙමයි

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ. ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මැතිවරණ පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදි ලෙස නියම කර ඇති බවත් මේ වනවිට මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

Share this:
error: Content is protected !!
×