HomeNewsSri Lankan News

උතුරත් දකුණත් යා වූ විශිෂ්ට මහ මැතිවරණ ජයක් NPPයට

උතුරත් දකුණත් යා වූ විශිෂ්ට මහ මැතිවරණ ජයක් NPPයට

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇත. ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් පෙන්නුම් කරයි. ඊයේ රාත්‍රියේ ප

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙන්නෙ මෙහෙමයි
ලංකා ඉතිහාසයේ අපේක්ෂකයකු ගත් වැඩිම මනාප විජිත ගනී, හරිණිගේ වාර්තාව අලුත් කරයි
2024 මහමැතිවරණයේ මාලිමාව තැබූ ඓතිහාසික මැතිවරණ වාර්තා

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇත. ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් පෙන්නුම් කරයි. ඊයේ රාත්‍රියේ පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 8.45 ට පමණ වන විට නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය.

විශේෂිත කරුණ වන්නේ ජනාධිපතිවරණයට සාපේක්ෂව ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශිත සංඛ්‍යාවට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇති බවයි. එපමණක් නොව ඉතිහාසය පුරාවටම දෙමළ පක්ෂ පාලන බලය රඳවාගෙන සිටි දමිළ ජාතික ජනතාව වාසය කරන ප්‍රදේශ වල දකුණේ පක්ෂයක් ජයගත් ප්‍රථම අවස්ථාව ලෙස ජාතික ජන බලවේගය ඉතිහාසගත වී ඇත. ඒ අනුව යාපනය, වන්නි හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත්වීය. ඔවුන් මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, චාවකච්ඡේරි, මුතූර්, කල්කුඩා, පදිරිප්පු, පොතුවිල් යන ප්‍රදේශ හැරුණු කොට අනෙක් සියලුම ප්‍රදේශවල NPP ඡන්දය ජයග්‍රහණය කර ඇත. උතුරු නැගෙනහිර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට දකුණේ පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගයට හැකියාව ලැබීම මෙවර මහ මැතිවරණයේ දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණයක් වෙ.

ඒ අනුව 2024 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186 ලබාගෙන පාර්ලිමේන්තු ආසන 141ක් ලබා බහුතර බලය දිනාගෙන ඇත. දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඡන්ද 1,968,716ක් ලබාගත් සමගි ජන බලවේගය වන අතර ඔවුන් ආසන 35ක් හිමිකරගෙන ඇත. තුන්වන ස්ථානය ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඡන්ද 257,813 ලබාගෙන ආසන 7ක් හිමි කරගෙන ඇත. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 500,835 ලබාගෙන ආසන 3ක් දිනාගෙන ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 350,429 ලබාගෙන ආසන 2ක් දිනාගෙන ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038 ලබාගෙන ආසන 2ක් හිමිකරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය, Democratic Tamil National Alliance, All Ceylon Tamil Congress, All Ceylon Makkal Congress, Sri Lanka Labour Party, Independent Group 17 ආසන 1 බැගින් ලබාගෙන ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ආසන 19න් 16ක් අතිවිශාල ලෙස ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කටයුතුවල දී අපේක්ෂා කළ NPP පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර තිබුණි. දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා NPP ඡන්ද 898,759 (72%) ලබා ගත් අතර සමගි ජන බලවේගය (SJB) ඡන්ද 150,445 (12.18%) ලබා දෙවන ස්ථානයට පත්විය. ඒ අනුව දිස්ත්‍රික්කයේ NPP ආසන 16ක් ලබාගෙන ඇති අතර ඉතිරි ආසන 3 SJB දිනා ඇත. 

Share this:
error: Content is protected !!
×