HomeNewsSri Lankan News

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරේ. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද හෙට (12)

නාම යෝජනා භාර ගැනීම අවසන් මහ මැතිවරණ උණුසුම ඇරඹෙයි
අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයැඳුම්පත් කැඳවයි
පුංචි ඡන්දය සිංහල අවුරුද්දට පෙර – මැ.කො.ස

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරේ. මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරක කාර්යාල ද හෙට (12) වන විට ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති R. M. A. L. රත්නායක මහතා පැවැසීය.

මේ වන විට ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා කාර්යාල පිහිටුවා ඇති අපේක්ෂක කාර්යාල, ඡන්ද කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන කාර්යාල සියල්ල හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරගත යුතු බව කී සභාපතිවරයා හෙට (12) මධ්‍යම රාත්‍රියෙන් පසුව තබා ගන්නට හැකියාව ලැබෙන්නේ පක්ෂ සහ කණ්ඩායම් සඳහා මැතිවරණ කොට්ඨාසයට එකක් වශයෙන් පිහිටුවා තිබෙන කාර්යාල පමණක් බව ද කීවේය.

එමෙන්ම අපේක්ෂකයාගේ නි‍වස තවදුරටත් කාර්යාලයක් හැටියට පවත්වාගෙන යා හැකි නමුත් එහි සැරසිල්ලක් හෝ වෙනත් කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමට හැකියාව නැතැයිද හෙතෙම කීවේය.

Share this:
error: Content is protected !!
×