එළඹෙන 2024 මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අද (11) දහවල් 12න් පසු අවසන් වුනා. මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිර
එළඹෙන 2024 මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර දීම අද (11) දහවල් 12න් පසු අවසන් වුනා. මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.
වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු ලබන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා ය. එය 64කි.
අවම කණ්ඩායම් ගණනක් තරග කරනු ලබන්නේ මොනරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා වන අතර ඒ සඳහා කණ්ඩායම් 15 බැගින් තරග කරයි.