හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ ප්‍රශ්න සහගත මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්
හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ ප්‍රශ්න සහගත මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරයි.
අදාළ මොටර් රථය අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවල වාර්තා අද (11) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙම නියෝගය ලබා දී ඇත.
හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් Toyota Landcruiser V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂන මර්දන ඒකකයට තොරතුරක් ලැබී තිබුණු අතර ඒ අනුව ඒ මහතාගේ නිවස පරීක්ෂා කිරීමටද කටයුතු කෙරුණි. පසුව සුජීව සේනසිංහ මහතාගේ නිවසේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී, ඔහුගේ කොල්ලුපිටිය නිවසේ සුඛෝපභෝගී රථයක් ඇතැයි හෙළිවූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා තිබේ.
පසුව කරුණු සොයා එහි එම සැකකටයුතු රථය ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු රථය පරීක්ෂා කළ බව විමර්ශන නිලධාරීන් පවසා සිටියේය. එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කර ඇතැයි සඳහන්වේ