පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.
පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කර වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.
අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී ලකුණු 76ක් රැස්කරමින් ජයග්‍රහණය ලබාගන්න ලදි.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 13කට මුහුණදෙමින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහරක් ඇතුළත් විය.
ඊට අමතරව නායක ලහිරු මධුසංක පන්දු 5කදී ලකුණු 19ක්ද, තරිඳු රත්නායක පන්දු 4කදී නොදැවී ලකුණු 16ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට මීට වසර 17කට පෙර එනම් 2007 වසරේදී ශූරතාවක් දිනා තිබුණි. ඊට අමතරව 1993 සහ 2004 වසරවලදී අනුශූරතාව ද දිනා ඇත.
වසර 7කට පසුව පැවැත් වූ මෙම තරගාවලියට කණ්ඩායම් 12ක් ක්‍රීඩා කළේය.