HomeNewsSri Lankan News

සිංහ පෝතකයන් හමුවේ බංගලි කොටියන් පසු බසිති

සිංහ පෝතකයන් හමුවේ බංගලි කොටියන් පසු බසිති

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත

වසර 27ක ශ්‍රී ලංකාවේ ඉන්දීය ක්‍රිකට් භීතිකාව චරිත් අසලංක ප්‍රමුඛ කණ්ඩායම අවසන් කරයි
චරිත් තරඟය සම කරයි
චමරීගේ ඓතිහාසික ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි. තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනයේ දී ලකුණු 318කට සියලුදෙනා දැවී ගියේය.

පන්දු යැවීමේදී, ළහිරු කුමාර ලකුණු 50කට කඩුලු 4ක් දවාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 3යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය. කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න ලකුණු 86ක් රැස්කළහ.

පන්දු යැවීමේදී බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් ෂකීබ් අල් හසන් කඩුලු 03ක් දවාගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා රැස්කළේ ලකුණු 178ක් පමණි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 10යි පන්දු 4කදී ලකුණු 34කට කඩුලු 4ක් දවාගත්තේය.

ළහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තේය. එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කළේය. පන්දු යැවීමෙන් හසන් මහමුද් ලකුණු 65කට කඩුලු 4ක් දවා ගත්තේය.

ඒ අනුව තරගයෙන් ජයග්‍රහණය සඳහා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 511කි.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලැබීය.

Share this:
error: Content is protected !!
×