HomeNewsSri Lankan News

චමරීගේ ඓතිහාසික ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

චමරීගේ ඓතිහාසික ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පන්දු එකසිය තිස් නමයකදී ලකුණු 195ක් නොදැවී තුන්වෙනි ඉහළම කාන්තා එක්දින ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින

2023 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා චමරිට ඉහළම සම්මානයක්
චමරි අතපත්තු වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ කොටසක් වෙන් කෙරේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පන්දු එකසිය තිස් නමයකදී ලකුණු 195ක් නොදැවී තුන්වෙනි ඉහළම කාන්තා එක්දින ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ඉතිහාස ගතවිය. ඇයගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව වා අවසන් එක්දින තරඟයේ ජයග්‍රහණය කරන ලදී. ඒ අනුව තරගාවලිය 1-1 ක් ලෙස සම කර ගැනීමට දෙපිලටම හැකියාව ලැබිණි.

පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 50දී ලකුණු 31ක් රැස් කළ අතර Laura Wolvaardt ලකුණු 144ක් සහ Marizanne Kapp ලකුණු තිස් හයක් රැස් කළහ ශ්‍රී ලංකාවේ Kavisha Dilhari ලකුණු 47ට කඩුලු 2ක්ද චමරි ලකුණු 59 එක් කඩුලක්ද දවා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පිළිතුරු වශයෙන් පන්දු වාර 44.3 කදී ලකුණු 35 ක් ලබා ගනිමින් තරගයේ ජය අත්පත් කරගන්නා ලදී ී. අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු ලකුණු 195 ක් නොදැවී ලබාගන්නට සමත් විය. Nilakshi de Silva ලකුණු 50ක් රැස්කර ගන්නා ලදී. දකුණු අප්‍රිකාව වෙනුවෙන් Ayabonga Khaka ලකුණු 54/2 ක්ද Nadine de Klerk ලකුණු 59කට කඩුලු එකක්ද බිඳ දැමූහ.

කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු වාර්තා පොත් අතරට එක් වූ අතර ් තරගයක ලකුණු හඹා යෑමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකාව ලෙසද ඇය ඉතිහාසයට එකතු විය.

Share this:
error: Content is protected !!