HomeNewsSri Lankan News

අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කෙරේ.

අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ ජාතික රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කෙරේ.

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට සැකපිට පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්

ජනපති සටන මැද ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟය ඇරඹේ….
නවසීලන්ත අයවැයන් ඩොලර් බිලියන 4ක ඉතුරුම් සහ ප්‍රමුඛතා – මුදල් ඇමති
ශ්‍රී ලංකා යුද හමුදාව MRE සලාක ඇසුරුම දේශීයව නිෂ්පාදනය කිරීම අරඹයි

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට සැකපිට පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රියේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා ජාතික රෝහලට ඇතුළත් කළ බවය. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (E.T.U) ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එම ඒකකයෙන් ඉවත්කර කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කර තිබේ. පසුව එම ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුව මෙලෙස නේවාසික ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කර තිබේ.

Share this:
error: Content is protected !!
×