HomeNewsSri Lankan News

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙන්නෙ මෙහෙමයි

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙන්නෙ මෙහෙමයි

එළඹෙන නොවැම්බර් 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. අපේක

අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයැඳුම්පත් කැඳවයි
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්
නාම යෝජනා භාර ගැනීම අවසන් මහ මැතිවරණ උණුසුම ඇරඹෙයි

එළඹෙන නොවැම්බර් 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා මධ්‍යම අනිද්දා (12) රාත්‍රිය දක්වා කල් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එමෙන්ම මැතිවරණය නිරීක්ෂණ කටයුතු සිදුකරන ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා කොළඹදී පැවැත්වීමට නියමිතයි යුරෝපා සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් දැනටමත් දිවයිනට පැමිණ සිටින අතර තවත් පිරිසක් ඉදිරියේදී පැමිණීමට නියමිත ව ඇත.

Share this:
error: Content is protected !!
×