මේ වසර (2024) ආරම්භයේ දී පුරෝකථනය කළ 4.4%ක ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි අගයකින් වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ
මේ වසර (2024) ආරම්භයේ දී පුරෝකථනය කළ 4.4%ක ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි අගයකින් වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි.
කර්මාන්ත සහ සංචාරක අංශයෙන් ලබාදුන් දායකත්වය හේතුවෙන් පසුගිය කාර්තු 4ක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයක් සිදුවී තිබීම මෙන්ම තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ධනාත්මක ලෙස ගොඩනැඟීම ඉදිරි ආර්ථික වර්ධනයට ඉහළ බලාපොරොත්තු තබා ගැනීමට හේතුවන බව ද ලෝක බැංකුව කියයි.
ඒ ආකාරයට ආර්ථික පුරෝකථන අබිබවා යෑම ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, මැදි කාලීනව ආර්ථිකය වර්ධන කිරීම සහ දුප්පත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත රඳා පවතින බව ද ලෝක බැංකුව අවධාරණය කරයි.
අපනයනය ඉහළ නැංවීම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඇතුළු අභියෝග 6කට සාර්ථකව විසඳුම් සොයා ගැනීමට සහ ප්‍රතිසංස්කරණය වේගවත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි නම් වසරකට නව රැකියා ලක්ෂ එකහමාරකට ආසන්න (142,500) එක්සත් ජනපද ඩොලර් බිලියන 10ක අපනයන ආදායමක් ළඟා කර ගැනීමට අවස්ථාව තිබෙන බව ද ලෝක බැංකුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (10) නිකුත් කළ අර්ධ වාර්ෂික වාර්තා දෙකකින් කියා සිටී.
ශ්‍රී ලංකා සංවර්ධන ඇගැයුම (Sri Lanka Development Update) අනාගතය සඳහා විවෘත කිරීම (Opening up to the Future) යන වාර්තා මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායීකරණය වී ඇතැයි ද අපනයන ඉහළ නැංවීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ද පෙන්වා දෙයි.