HomeNewsSri Lankan News

ප්‍රථම ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ප්‍රථම ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවටAP Photo/ Viraj Kothalawala

නවසීලන්තය සමඟ පැවති ප්‍රථම ටෙස්ට් තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට

නවසීලන්තය 20-20 තරඟාවලිය 1-1ක් ලෙස සම කරයි
Don Bradman සම කළ අපේ දක්ෂ කොල්ලා, කමිඳු
නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින තරඟාවලියේ ජය, ශ්‍රී ලංකාව තහවුරු කරගනියි

නවසීලන්තය සමඟ පැවති ප්‍රථම ටෙස්ට් තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. දිනය සඳහා තරගය ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියේය.

ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දවාගත යුතුවු අතර නවසීලන්තය ලකුණු 68ක් රැස්කරගත යුතුවුණි. දිනය ආරම්භයේදීම රචින් රවීන්ද්‍ර දවාගත් ප්‍රභාත් ජයසූරීය  ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය. තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරත්තේ ප්‍රභාත් ජයසූරියයි. මේ සමඟම පිට පිට තරඟ දෙකක් ජයගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම් වල 3වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැකි වී තිබෙනවා.

Share this:
error: Content is protected !!
×