HomeNew Zealand

“දුරස්ථ වැඩ යුගය අවසන්”?: නවසීලන්ත රාජ්‍ය සේවකයින් කාර්යාලයට කැඳවයි

“දුරස්ථ වැඩ යුගය අවසන්”?: නවසීලන්ත රාජ්‍ය සේවකයින් කාර්යාලයට කැඳවයි

නවසීලන්ත රජය රාජ්‍ය සේවකයින් සඳහා වන නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන පිළිබඳ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් සිටී. මෙහි අරමුණ වන්නේ සේවා ස්ථානවල සාමාන්‍ය පැම

නවසීලන්තයේ ANZSCO වෙනුවට National Occupation List (NOL) හඳුන්වාදෙයි
ජැසින්ඩා ආඩන් ළමා පොතක් නිකුත් කිරීමට සූදානම්…
Visa කාඩ්පත් ගෙවීම් සඳහා අමතර ගාස්තු තහනම් කරන ලෙස ඉල්ලා සිටී

නවසීලන්ත රජය රාජ්‍ය සේවකයින් සඳහා වන නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන පිළිබඳ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් සිටී. මෙහි අරමුණ වන්නේ සේවා ස්ථානවල සාමාන්‍ය පැමිණීම වැඩි කිරීමයි. රාජ්‍ය සේවා අමාත්‍ය නිකොලා විලිස් මහත්මිය අවධාරණය කළේ නිවසේ සිට වැඩ කිරීම හිමිකමක් නොවන බවත්, එය සේවක සේවාදායක දෙපාර්ශවයේ අනෝන්‍ය එකඟතාවය මත පමණක් සිදු විය යුතු බවත්ය.

දුරස්ථ සේවයේ යම් යම් ප්‍රතිලාභ තිබුණද, විලිස් මහත්මිය එය කණ්ඩායම් සහයෝගීතාවය, කුසලතා හුවමාරුව, සහ විශේෂයෙන් නගර මධ්‍යස්ථානවල ප්‍රාදේශීය ව්‍යාපාරවලට ඇති කරන බලපෑම පිළිබඳ කනස්සල්ල පළ කළාය.

යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ අනුව, රාජ්‍ය සේවා ආයතන විසින් නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන සේවක කාර්යසාධනයට හෝ ආයතනයේ අරමුණුවලට බාධා නොවන බව සහතික කළ යුතුය. තවද, ආයතන විසින් මෙවැනි එකඟතා පවතින ප්‍රමාණය නිරීක්ෂණය කර රාජ්‍ය සේවා කොමිසමට වාර්තා කළ යුතුය. විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම සඳහා රජය ලබන වසරේ මෙම දත්ත මහජනයාට ලබා දීමට සැලසුම් කරයි.

මෙම නව මාර්ගෝපදේශ මගින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමටත්, සේවා ස්ථානවල සාමූහික වැඩ කිරීමේ වාතාවරණය නැවත ඇති කිරීමටත් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, නිවසේ සිට වැඩ කිරීමේ විධිවිධාන සම්පූර්ණයෙන්ම අවලංගු නොකෙරෙන අතර, අවශ්‍ය අවස්ථාවලදී නම්‍යශීලී වැඩ කිරීමේ විකල්ප තවමත් ලබා දිය හැකි බව රජය පවසයි.

Share this:
error: Content is protected !!
×