HomeNewsSri Lankan News

නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින තරඟාවලියේ ජය, ශ්‍රී ලංකාව තහවුරු කරගනියි

නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින තරඟාවලියේ ජය, ශ්‍රී ලංකාව තහවුරු කරගනියිSri Lanka Cricket

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය D/L න්‍යාය අනුව කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ සමග තරග තුනකින් යුත්

නවසීලන්තය 20-20 තරඟාවලිය 1-1ක් ලෙස සම කරයි
ශ්‍රී ලංකා නවසීලන්ත T20 තරඟාවලිය හෙටින් ඇරඹේ
ප්‍රථම එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය D/L න්‍යාය අනුව කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගනිමින්, තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය. අවස්ථා කිහිපයක දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර මේ හේතුවෙන් තරගය පන්දුවාර 47කට සීමා කිරීමට තරග තීරකවරුන් තීරණය කළේය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45.1ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 209ක් රැස්කළේය.

මේ අනුව නවසීලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 210ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ 46වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් පන්දු 102කට මුහුණදෙමින් ලකුණු 74ක් රැස්කිරීමට සමත් විය. කුසල්ට අගනා සහායක් දුන් මහීෂ් තීක්ෂණ ලකුණු 27ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහු 08වැනි කඩුල්ලට කුසල් සමගින් පන්දු 59කින් ලකුණු 47ක සබඳතාවක්ද ගොඩනැගීය.

මේ අනුව වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද අවස්ථාව උදාවිය.

Share this:
error: Content is protected !!
×