නවසීලන්තයේ නව මානසික සෞඛ්‍ය අමාත්‍ය, Matt Doocey, රටේ හදිසි සේවා අංකය වන 111 ට මානසික සෞඛ්‍ය සම්බන්ධ ආධාර ලබාගැනීමට නව විකල්පයක් එක් කිරීමේ හැකියාව ප
නවසීලන්තයේ නව මානසික සෞඛ්‍ය අමාත්‍ය, Matt Doocey, රටේ හදිසි සේවා අංකය වන 111 ට මානසික සෞඛ්‍ය සම්බන්ධ ආධාර ලබාගැනීමට නව විකල්පයක් එක් කිරීමේ හැකියාව පිලිබඳ අවධානය යොමුකර ඇත. ඒ අනුව ගිනි, ගිලන් රථ සහ පොලිසිය යන සේවා සමඟ මානසික සෞඛ්‍යාධාර එක්වෙනු ඇත.
දැනට, මානසික සෞඛ්‍ය අර්බුදයක් ඇති අයෙකු 111 ඇමතූ විට, ඔවුන්ට බොහෝ විට ප්‍රතිචාර දක්වන්නේ පොලිසියයි. නමුත් ඩූසි විශ්වාස කරන්නේ මෙය සැමවිටම සුදුසුම ප්‍රවේශය නොවන බවයි. මානසික සෞඛ්‍ය වෘත්තිකයන් එවැනි තත්ත්වයන් හැසිරවීමට වඩා හොඳින් සන්නද්ධව සිටින බැවින් ඔවුන් මෙවැනි අවස්ථා සඳහා වඩා සුදුසු බවත් යමෙකුගේ ජීවිතය අවදානමට ලක්වන අවස්ථාවන්හිදී පොලිසිය සමඟ ක්‍රියාත්මක විය හැකි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
මෙම යෝජනාව ඉදිරිපත් වන්නේ මානසික සෞඛ්‍ය වෘත්තිකයන් හදිසි සේවා සමඟ හවුල්ව සිදුකල නියමු වැඩසටහන් සාර්ථකව නිමවීමත් සමඟය. නවසිලන්ත බලධාරීන් මානසික සෞඛ්‍ය කණ්ඩායම් වැඩසටහන සඳහා පස් අවුරුදු සැලැස්මක් සලකා බලමින් සිටින අතර අමාත්‍යවරයා පවසන්නේ මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ගේ බලතල සහ වගකීම් නිර්වචනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් ඒ සඳහා අදාළ බලධාරීන්ගෙන් උපදෙස් ලබාගැනීමටද තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.
සමස්තයක් වශයෙන්, මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ නවසිලන්ත් වැසියන්ට ඔවුන්ගේ අවශ්‍යතා මත පදනම්ව වඩාත් සුදුසු සහය තෝරා ගැනීම සහතික කිරීම හරහා මානසික සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම වැඩිදියුණු කිරීමයි. එසේම එය පොලිසියේ අනවශ්‍ය මැදහත්වීම් අඩු කිරීම සහ අර්බුදකාරී පුද්ගලයින් නිවැරදි මාවතකට යොමු කිරීම සඳහා ගත් සාධනීය පියවරක් ලෙස නම් කල හැක.