HomeEducation

Bilingual වෙන එක හොදයිද? නරකයිද?

Bilingual වෙන එක හොදයිද? නරකයිද?

Bilingual, එහෙමත් නැත්නම් භාෂා දෙකක් කතා කරන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි කියල පසුගිය කාලයේදී බොහෝ දෙනෙක් විශ්වාස කලා. විශේෂයෙන්ම දරුවෙකුගේ සාර්ථකත්වයට

ඕටිසම් Autism ගැන ඔබ දන්නවද?
මිනිස් මතකය ගැන ඔබ දැනගත යුතුම දේවල්…
ADHD ගැන ඉගෙනගමු

Bilingual, එහෙමත් නැත්නම් භාෂා දෙකක් කතා කරන එක ඒ තරම් හොද දෙයක් නෙවෙයි කියල පසුගිය කාලයේදී බොහෝ දෙනෙක් විශ්වාස කලා. විශේෂයෙන්ම දරුවෙකුගේ සාර්ථකත්වයට ඒ තුලින් අහිතකර බලපෑමක් වෙනවා කියන එක මතයක් බවට පත් වෙලා තිබුනා. නමුත් වර්තමානයේ සිදු කරන පර්යේෂණ වලට අනුව මේ මතය වැරදී කියන එක සනාථ වෙලා තියෙනවා. සරලවම කිව්වොත් අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක අපේ මනසට ව්‍යායාමයක් කියන එක මේ වෙනකොට තහවුරු වෙලා අවසන්. අපි අපේ ඇග හදා ගන්න හැමදාම ජිම් එකට යන්නේ ඇගට ව්‍යායාම අවශ්‍ය නිසා. අන්න ඒ වගේම අලුත් භාෂාවක් ඉගෙන ගන්න එකත් මනසට ලැබෙන ව්‍යායාමයකට සමානයි.  

ඇත්තටම භාෂා දෙකක් කතා කරන එක අපේ මොළයට හිතකර වෙන්නේ කොහොමද? 

භාෂා දෙකක් කතා කරන කෙනෙකුගේ මොළයේ නිතරම ඒ පුද්ගලයා භාවිතා කරන භාෂා දෙකම  තියෙන්නේ සක්‍රීයවයි. එක භාෂාවක් කතා කරන අතරේ තවත් භාෂාවක් යටපත් කරගෙන ඉදීම, වරින් වර භාෂා දෙක මාරු කිරීම අපේ මොළයට ඉතා හොද ව්‍යායාමයක් වෙනවා. මේ නිසා කෙනෙකුගේ මනසේ ඒකාග්‍රතාවය, ප්‍රශ්ණ විසදීමේ හැකියාව, මතකය වගේම නිර්මාණශීලී බවත් වර්ධනය වෙනවා. 

අපි කලින් කතා කලා වගේම මෑත කාලයක් වෙන තුරුත් භාෂා දෙකක් කතා කිරීම කෙනෙක්ගේ මොළයට හිතකර වෙන බව බෝහෝ දෙනෙක් විස්වාස කලේ නැහැ. නමුත් 2007 වසරේ ටොරොන්ටෝ වලදී ඇලන් බියලිස්ටොක් සහ ඇයගේ කණ්ඩායම සිදු කල අනාවරනය නිසා මෙතෙක් කල් පැවතගෙන පැවති විශ්වාසය උඩුයටිකුරු කරවන්නට සමත් වුනා. මේ සමීක්ෂනයේදී හෙලි වුන දෙයක් තමයි එක් භාෂාවකට වඩා වැඩිපුර කතා කරන අයට ඩිමෙන්ශියා රෝගය වැලදීම අනෙක් අයට වඩා වසර 4 ත් 4.5ත් අතර කාලයකින් ප්‍රමාද වෙන බව. මේ සමීක්ෂණය භාෂා දෙකක් කතා කරන කෙනෙකුගේ මොළයේ cognitive reserve නම් හැකියාව වැඩි දියුණු කරන බව තහවුරු කරන ප්‍රබල සාක්ශියක් වුනා. 

cognitive reserve විදියට අපි හදුන්වන්නේ මොකද්ද? කෙනෙක්ගේ මොළය ශක්තිමත්ව, තියුණුව පවත්වාගෙන යන්න මොළයට තියෙන හැකියාව තමයි අපි cognitive reserve විදියට හදුන්වන්නේ. අපේ මතකය ආරක්ෂා කරගන්න, mental capacity එක පවත්වාගෙන යන්න වගේම තාර්කික තීරණ ගන්නත් මේ හැකියාව වඩාත් වැදගත් වෙනවා. කෙනෙක්ගේ මනස නිතරම active තත්වයේ පවතිනවා නම් එයාට cognitive reserve කියන තත්වය වැඩි කාලයක් පවත්වාගෙන යන්නන් පුලුවන්. ඉතින් භාෂා දෙකක් කතා කරන කෙනෙක්ගේ මොළය නිතරම සක්‍රීය එහෙමත් නැත්නම් active තත්වයේ පවතින නිසා එයාට එයාගේ  cognitive reserve එක වැඩි කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒවගේම ඩිමෙන්ෂියා වගෙ ලෙඩ රෝග ඇති වීම අවම වීම bilingual කෙනෙකුට ලැබෙන වාසියක්. ඒවගේම bilingual කෙනෙක්ට අනික් අයට වඩා ඉක්මනින් ආඝාත තත්ව වැනි රෝගාබාධ වලින් සුව වීමේ වාසියත් හිමි වෙනවා. 

Language එකක එහෙමත් නැත්නම් භාෂාවක තියෙන විශේෂ ලක්ෂණ මොනවද? 

භාෂාවක් කියන්නේ සංකීර්ණ සහ පුළුල් දෙයක් විදියට අපිට හදුන්වන්න පුළුවන්. භාෂාව නිසා කෙනෙකුගේ අදහස් වලට වගේම perception එකටත් විශාල බලපෑමක් සිද්ධ වෙනවා. ඒවගේම භාෂාවකින් කෙනෙක්ට ලැබෙන ප්‍රබලතම බලපෑම තමයි cognitive reserve හැකියාවට ධනාත්මක බලපෑමක් සිදු කිරීම.

කෙනෙක්ට අලුත් භාෂාවක් ඉගෙන ගන්න හොදම කාළය මොකද්ද? 

අපේ මොළය කියනෙනෙ නියුරෝන වලින් පිරුණු සංකීර්ණ නෙට්වර්ක් එකක්. කෙනෙක් කුඩා කාලයේදීම අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක අලුත් network එකක් නිර්මාණය කරගන්නවා කියන එකට සමාන දෙයක්. නමුත් වැඩිහිටියෙක් විදියට අලුත් භාෂාවක් ඉගෙන ගන්නවා නම් එයාට තමන් මුලින් නිර්මානය කරගත්තු network එකේ modify කිරීම් සිදු කරන්න සිද්ධ වෙනවා වගේම අලුත් connections හදා ගන්නත් සිද්ධ වෙනවා . මේ නිසා තමයි වැඩිහිටියෙක් විදියට අලුත්  භාෂාවක් ඉගෙන ගැනීම තරමක් දුරට අභියෝගාත්මක වෙන්නේ. නමුත් වැඩිහිටියෙක් විදියට අලුත් භාෂාවක් ඉගෙන ගැනීම අපි කලින් සදහන් කලා වගේම වාසි රැසකින් සමන්විත වෙනවා. 

ඒවගේම 2023 වසරේදී  වයස අවුරුදු 8 – 10 අතර දරුවන් අලලා සුවිශේෂී සමීක්ෂණයක් සිදු කලා. මෙම සමීක්ෂණයට එක් භාෂාවක් කතා කරන දරුවන්, කුඩා කාලයේදීම භාෂා දෙකක් කතා කරන දරුවන් සහ තරමක් වැඩිවියට පත් වූ පසු භාශා දෙකක් කතා කරන දරුවන් සහභාගී කරගෙන තිබුනා. මෙම දරුවන් සියලු දෙනාම ස්කෑනර් යන්ත්‍රයකට ඇතුල් කිරීමෙන් පසුව කතිරයක් දෙස නිදහසේ බලා සිටින්නට සලස්වා තිබුනා. ඒ අතරතුරේදී පර්යේෂකයන් විසින් ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරකම් ගණනය කර තිබුනා. ඒ අනුව කුඩා කාලයේදීම භාෂා දෙකක් කතා කිරීමට පුරුදු වී සිටි දරුවන්ගේ මොළයේ පැහැදිලි දියුණුවක් අනිත් දරුවන්ට සාපේක්ෂව දැක ගන්නට පර්යේෂකයන්ට හැකියාව ලැබී තිබුණා. ඔවුන්ගේ මනස නිදහසේ එහෙ මෙහෙ සංසරණය වෙද්දී මොළයේ සුවිශේෂී ස්ථාන කිහිපයකම ක්‍රියාකාරීත්වයක් දැක ගන්නට පර්යේෂකයන්ට පුළුවන් වුනා. දිනපතා ජිම් එකකට යන පුද්ගලයෙකුගේ මාංශ පේශී හොදින් වර්ධනය වී ශරීරයේ අනෙක් කොටස් වලට සම්බන්ධ වී තිබෙන ආකාරයටම ඔවුන්ගේ මොලයේ යම් යම් කොටස් වල දියුණුවක් පර්යේෂකයන් සනාත කරගෙන තිබුනා. 

ද්වි භාෂා කතා කරන දරුවෙක්ට හෝ වැඩිහිටියෙක්ට තවත් කෙනෙකුගේ perspective එක අනුමාන කිරීමේ හෝ දැකීමේ හොද හැකියාවක් අනෙක් අයට වඩා තිබෙන බව මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. 

ඒවගේම මේ පර්යේෂණ වලදී හෙලිදරව් වුන තවත් එක් කාරණයක් තමයි බොහෝ දෙනෙක් වඩාත් හැගීම්බරව කටයුතු කිරීමේදී තමන්ගේ මව් බස යොදා ගන්නවා කියන කාරණය. ඒවගේම කෙනෙක් තාර්කිකව, ගැබුරින් කටයුතු කරන්න බොහෝ වෙලාවට භාවිතා කරන්නේ තමන්ගේ දෙවන බස කියන එකත් තහවුරු වෙලා තියෙනවා. කෙනෙක් බොහෝ වෙලාවට තමන්ගේ පවුලේ අය, හිත මිතුරන් සමග කතා බහ කරන්නට යොදා ගන්නේ තමන්ගේ මව් බසයි. පාසලේදී ඉගෙන ගන්නා දෙවන බස බොහෝ වෙලාවට භාවිතා වෙන්නේ තමන්ගේ විශ්වවිද්‍යාලයේදී හෝ වැඩ කරන ස්ථානයේදීයී.

ඒවගේම කෙනෙක් භාෂා දෙකක් කතා කිරීම කෙනෙකුගේ මොළයේ වර්ධනය සහ ක්‍රියාකාරීත්වයට උපකාරී වෙනවා වගේම කෙනෙකුගේ සමාජීය කුසලතා එහෙමත් නැත්නම් social abilities වර්ධනය වීමටත් එකසේ උපකාරී වෙනවා. කෙනෙකුට විවිධාකාර cultural experiences, life opportunities ලබා ගන්නත් භාෂා දෙකක් එකවර කතා කිරීම විශාල උදව්වක් වෙනවා. විවිධාකාර මිනිසුන් හදුනා ගැනීම , විවිධාකාර සමාජ ආශ්‍රය කිරීම වගේම ලෝකය ගැන දකින ආකාරය වෙනස් කරන්නත් තවත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් කෙනෙක්ට අවස්ථාව හිමි වෙනවා. 

ඉතින් මේ වෙනකොට තහවුරු වෙලා තියෙන කරුණු වලට අනුව භාෂා දෙකක් ඉගෙන ගන්න එක කෙනෙකුගේ බුද්ධිය, සමාජීය කුසලතා වර්ධනය වෙන්න වගේම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නත් හේතුවක් බවට පත් වෙලා තියෙනවා. 

Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!
×