pregnancy, එක කියන්නේ කාන්තාවක් ගොඩක් පරිස්සමින් ගත කරන්න ඕන කාලයක් වගේම එයාගේ යහ පැවැත්ම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාලයක්. ඉතින් මේ ගර්භනී බව කි
pregnancy, එක කියන්නේ කාන්තාවක් ගොඩක් පරිස්සමින් ගත කරන්න ඕන කාලයක් වගේම එයාගේ යහ පැවැත්ම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන කාලයක්. ඉතින් මේ ගර්භනී බව කියන පුදුමාකාර journey එක ගොඩක් පහසු කරවන tips එකතුවක් අද ලිපියෙන් අරගෙන එන්න අපි හිතුවා. බලන්නකො ඒ tips මොනවද කියල.
පෝෂණය තමයි ඔයාගේ හොදම යාළුවා.
මේ කාලෙදි ඔයා කන්න ඕන rainbow එකේ තියෙන හැම පාටකම එළවළු, පළතුරු. අම්මා හොද සමබල ආහාර වේලක් ගත්තොත් තමයි කුසේ ඉන්න බබාගේ වර්ධනය හොදින් සිද්ධ වෙන්නේ. ඒවගේම ඔයා මේ කාලෙදි හොදට ශක්තිමත්ව ඉන්න ඕන. ඒ නිසා සමබල ආහාර වේලක් ගන්න එක ගොඩක් වැදගත්.
හොදට වතුර බොන්න.
වතුර තමයි ඔයාට තියෙන superpower එක. දවස පුරාම ඔයාගේ ඇගේ fluid level එක හොද මට්ටමක තියාගන්න නම් සැරින් සැරේ හොදට වතුර බොන්න අමතක කරන්න එපා.
ව්‍යායාම කරන්න.
ගොඩක් මහන්සි වෙන්නේ නැති, ප්‍රෙග්නට් කාලේ කරන්න පුළුවන් ව්‍යායාම ඒ කියන්නේ යෝගා, swimming වගේ දේවල් මේ කාලෙදි ඔයාට කරන්න පුළුවන්. ඒ වගේ Exercise නිසා ඔයාගේ mood එක ගොඩක් හොද වෙනවා විතරක් නෙමෙයි ඇගේ තියෙන අපහසුතාත් ගොඩක් අඩු වෙනවා. කොහොම උනත් Exercise කරන්න පටන් ගන්න කලින් ඔයාගේ ඩොක්ටර් එක්ක ඒ ගැන කතා කරන එක අනිවාර්යයි. එයාගේ උපදෙසුත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ fitness routine එක හරියටම තීරණය කරගන්න.
කිසිම check-up එකක් මග හරින්න එපා.
ඔයාගේ ඩොක්ට නියම කරන හැම check-up එකකටම වගේ සහභාගී වෙන එක ගොඩක් වැදගත් දෙයක්. එයාලා මේ check-up වලදී බබාගේ වර්ධනය මනිනවා වගේම ඔයාට pregnancy එක ඇතුලේ අවශ්‍ය වෙන guidance එකත් ලබා දෙනවා. මේ නිසා කිසිම check-up එකක් මග අරින්නේ නැතුව හැම එකකටම සහභාගී වෙන්න.
දැනුම වර්ධනය කරගන්න.
ජීවිතේ අලුත් පරිච්ජේදයකට සූදානම් වෙන ඔයා ඒ සම්බන්ධ දැනුමෙන් සන්නද්ධ වෙන එක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඔයාට පුළුවන් prenatal classes වලට සම්බන්ධ වෙන්න. පොත් කියවන්න වගේම බබෙක්ගේ උපතේ ඉදන් එයා වර්ධනය වෙනකොට ඔයා දැනගන්න ඕන දේවල් ගැන self-study කරන්න. බබා ලැබුනම ඔයා ඉගෙන ගත්තු මේ දෙවල් ඔයාට වගේම බබාටත් ගොඩක් වැදගත් වේවී.
යාලුවෝ හදා ගන්න.
ඔයා වගේම අම්මා කෙනෙක් වෙන්න ඉන්න තවත් අම්මලා ඔයාට නිතරම හම්බෙනවා ඇති. ඔයාලා මේ දවස් වල අත් විදින දේවල් ගැන හොදටම දන්නේ එයාලා තමයි. ඒ නිසා එයාලත් එක්ක ඔයා මේ දවස් වල අත් විදින experiences බෙදා ගන්න. support network එකක් හදා ගන්න එක ඔයාට ලොකු පහසුවක් වගේම ශක්තියක් වෙයි.
මනස සන්සුන්ව තියාගන්න.
මෙතනදි ඔයාට පුළුවන් භාවනා කරන්න. ඔයාගේ හිතේ තියෙන stress එක අඩු කරලා සන්සුන් බව වැඩි කරවන මානසික ව්‍යායාම වල නිරත වෙන්න. මෙතනදි ඔයාට භාවනාව ඇරුනම පුහුණු කරන්න පුළුවන් තවත් දෙයක් තමයි deep breathing කියන්නේ.
මතක තියාගන්න, pregnancy එක කියන්නේ අපි හැමෝටම එක වගේ දැනෙන දෙයක් නෙමෙයි. ඒක එකිනෙකාට unique වෙන දෙයක්. ඒ නිසා pregnant වෙන කාල සීමාවෙදි හිතේ සැකයක් බයක් දැනෙන එක හරිම සාමාන්‍ය දෙයක්. එහෙම බයක් දැනෙන කොට ඔයාට අවශ්‍ය guidance එක ලබා ගන්න ඔයාගේ ඩොක්ටර් ලගට හරි ඔයාගේ පවුල් සෞඛ්‍ය සේවිකාව ලගට හරි සරලවම කිව්වොත් ඔයාගේ healthcare provider ලගට යන්න දෙපාරක් හිතන්න එපා.
Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon