මතකය කියන්නේ උපතේ සිට මරණය දක්වාම අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න අපිට උදව් කරන ප්‍රධානතම සාධකයක්. ඉතින් මේ නිසාම, මිනිසාගේ මතකය සම්බන්ධව
මතකය කියන්නේ උපතේ සිට මරණය දක්වාම අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න අපිට උදව් කරන ප්‍රධානතම සාධකයක්. ඉතින් මේ නිසාම, මිනිසාගේ මතකය සම්බන්ධව මිත්‍යා මත විශාල ප්‍රමාණයක් අපි ජීවත් වෙන සමාජය තුල අහන්න දකින්න ලැබෙනවා. ඒ නිසාම අද ලිපියෙන් අපි අරගෙන එන්නේ මිනිසෙකුගේ මතකය සමග බැදුණු ඔබ දැනගත යුතුම කරුණු එකතුවක් ගැනයි.
මිනිසෙකුගේ මතකය අපිට හදුන්වන්න පුළුවන්, කැබිනට් එකක් විදියට. මේ කැබිනට් එකේ තියෙන්නේ විවිධාකාර වර්ගයේ මතක ගොණු. උදාහරණයක් විදියට ඔයා මතක් කලොත් ඔයාගේ දරුවාගේ පළවෙනි උපන්දිනය, ඔයාගේ මතක ගොණුවෙන් ඒ සිද්ධියට අදාල ලිපි ගොණුව ඔයාගේ මනස ඔයාගේ මතකයට අරන් දෙනවා. අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ මේ විදියට නම් කොච්චර හොදද කියල ඔයාලට හිතෙයි. නමුත් ඇත්තම කාරණය නම් අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ මේ වගේ මතක ගොණු පිරුණු කැබිනට් එකක් විදියට නම් නෙමෙයි.
මේ මොහොතේ අපිට දැනෙන අදහසක්, හැගීමක්, ගදක් හෝ සුවදක්, රූපයක් අපි මීට කලින් ජීවිතයේ අත් දැක තිබෙන ඒ සමානම අත්දැකීමක් සමග සම්බන්ධ කරවන සංසිද්ධිය, මතකය ලෙසින් හදුන්වන්නට අපිට පුළුවන්. ඒ අනුව මතකය විදියට අපි හදුන්වන්නේ වර්තමානය සහ අතීතය සම්බන්ධ වන මනසේ අපූරු සංසිද්ධියකටයි. අතීතයේ අපි අසා දැක හෝ අත්විද තිබෙන දේවල් වර්තමානයේ අසන දකින දේවල් තේරුම් ගැනීමට බෙහෙවින් උපකාරී වෙනවා. ඒ අනුව මතකය යනුවෙන් හදුවන්නේ අපේ අතීත අත්දැකීමක් වර්තමානය වෙත ගෙන ඒමේ ක්‍රියාවලියටයි.
මතකය ගැන ජීව විද්‍යාත්මක කාරණා ඇසුරින් පැහැදිලි කිරීමක් සිදු කලහොත් එය සිදු වන්නේ මේ ආකාරයටයි.
සාමාන්‍ය එදිනෙදා ජිවීතයේ අපි යම් අත්දැකීමක් ලබා ගන්නා විට අපේ මොළයේ සෛල එසේත් නැතිනම් නියුරෝන, ඉලෙක්ට්‍රොනික සංඥා නිසා සක්‍රීය වීමක් සිදු වෙනවා. මෙසේ සක්‍රීය වුණු මොළයේ සෛල එසේත් නැතිනම් නියුරෝන මොළයේ තිබෙන අනෙකුත් නියුරෝන සමග සම්බන්ධ වීමක් සිදු වෙනවා. මෙම සම්බන්ධය නිසා මිනිසෙකුගේ අතීත මතකය සහ වර්තමානය අතර සම්බන්ධයක් ගොඩ නැගීම සිදු වෙනවා. අපි මුලදී සදහන් කලා වගේම අපි ලබා ගන්නා සෑම අත්දැකීමක් නිසාම මොළයේ විවිධාකාර වෙනස්කම් සිදු වෙනවා. එයට හේතුව අපි ලබා ගන්නා අත්දැකීම් අනුව අපේ මොළයේ නියුරෝන එකිනෙක සමග සම්බන්ධ වී පැවතීමයි. ස්නායු විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එකට එක්ව සක්‍රීය වෙන නියුරෝන මොළයේ වෙනත් නියුරෝන සමග එක්ව එකට ක්‍රියාත්මක වන බවයි.
මේ සංසිද්ධිය පිළිබදව උදාහරණයකින් පැහැදිලි කිරීමක් කරන්නට අපිට පුළුවන්. අවුරුදු එකක් වයසැති ඔබේ කුඩා දරුවාට, දරුවාගේ ගණිත පන්තියෙන් පසුව චොකලට් එකක් ලබා දුන් බව සිතන්න. එතැන් පසුව සෑම දිනයකම පන්තිය අවසාන වූ විට චොකලට් එකක් බලාපොරොත්තු වීම කුඩා දරුවාගේ ස්වාභාවයයි. එයට හේතුව වන්නේ දරුවාගේ ගණිත පන්තිය අවසාන වන නියුරෝනයට චොකලට් වල මතකය සම්බන්ධ නියුරෝනය සම්බන්ධ වී තිබීමයි.
මතකය ක්‍රියාත්මක වන්නේ අපි මුලින් සදහන් කල උදාහරණයට අනුවයි. එක් අත්දැකීමක් (ගණිත පන්තියේ අවසානය) නියුරෝනයක් සක්‍රීය වීමට හේතු වන අතර එම නියුරෝනය වෙනත් දෙවන අත්දැකීමක් සමග (චොකලට් එකක් ලබා ගැනීම) සම්බන්ධ වීම සිදු වෙනවා. මේ නිසා පන්තිය අවසාන වන විට චොකලට් එකක් ලබා ගැනීමේ කැමැත්ත නිතැතින්ම මනසට ඇතුල් වීම ස්වාභාවිකව සිදු වෙනවා.
මෙම සිදුවීම අභ්‍යන්තර සංසිද්ධියක් ලෙස සිදුවන අතර එය අනිවාර්යෙන්ම අතීතයේ සිදුවූ යම් සිදුවීමක් සමග එකට එක්ව බැදී පවතිනවා. එසේම එය අනාගතයේ සිදු විය හැකි යම් දෙයක් පිලිබදව බලාපොරොත්තුවක්ද මනසේ ඇති කර වීමට සමත් වෙනවා. එනම් මොළය අතිතයේ සිදු වූ යම් යම් සිදුවීම් අළලා අනාගතයේ සිදු විය හැකි යම් යම් දේ පිළිබදව පූර්ව නිගමන සිදු කිරීම සාමාන්‍යෙන් සිදු වෙනවා. එනම් මිනිසෙකුගේ අතීතය, මිනිසෙකුගේ වර්තමානය සහ අනාගතය යම් හැඩ ගැස්වීමකට ලක් කරවීමට සමත් වෙනවා යන කාරණයයි.
මතකය හැසිරෙන්නේ ෆොටෝකොපි යන්ත්‍රයක් ලෙසයි. කෙනෙක් යම් සිදුවීමක් සිහිපත් කරන විට එයට අදාල නිවරදි තොරතුරු නැවත ජනනය වීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස ඔබ යහළුවන් සමග ඉතා විනෝදයෙන් ගත කල දිනයක් සිහිපත් කරන විට වර්තමානයේ පවා සතුටක් සහ සිනහවක් ඔබ තුල ඇති වෙනවා. ඒවගේම ඔබ විභාගයකින් ජයගත් දිනයක් සිහිපත් කරන විට යම් කිසි සතුටකින් සහ ආඩම්බරයකින් වර්තමානයේ පවා ඔබේ සිත පිරී යනවා.
නමුත් ඔබ යම් කාරණයක් සිහිපත් කරන විට අතීතයේ සිදු වූ එම සිදුවීම සියයට සියයක්ම සිහිපත් කිරීමේ හැකියාවක් පවතින්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිහිපත් වන්නේ ඔබගේ මනසේ තැන්පත් වී තිබෙන සිදුවීමට අදාල වෙනස් වීම් වලට ලක් වුණු යම් කොටසක් පමණයි. මේ නිසාම අතීතයේ සිදු වූ යම් යම් සිදු වීම් විවිධාකාර දෝෂ සහිතව ඔබගේ මනසේ තැන්පත් වී තිබෙන්නට පුළුවන්.
Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon