HomeEducation

අවුරුදු 4 ක බබෙක් ගැන ඉගෙන ගමු.

අවුරුදු 4 ක බබෙක් ගැන ඉගෙන ගමු.

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන එක කොහොමත් වෙන කිසිම දේකින් ලබන්න බැරි අත්දැකීමක් නේ. ඉතින් ඒ අත්දැකීම තවත් ලස්සන සුන්දර කාලයක් වෙන්නේ බබා පොඩ්ඩ පොඩ්ඩ

ගර්භනී ඔබට වැදගත් වෙන tips කීපයක්
Bilingual වෙන එක හොදයිද? නරකයිද?
අවුරුදු පහක බබෙක් ගැන ඉගෙන ගමු

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන එක කොහොමත් වෙන කිසිම දේකින් ලබන්න බැරි අත්දැකීමක් නේ. ඉතින් ඒ අත්දැකීම තවත් ලස්සන සුන්දර කාලයක් වෙන්නේ බබා පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනකොටයි. වයස අවුරුදු හතරක බබෙක් ඉන්නවා කියන්නේ, ගෙදර කලබල පිරුණු පුංචි පුංචි රණ්ඩු පිරුණු තැනක් වෙනවා කියන අපි හැමෝම දන්නවා.  ඒකට හේතුව තමයි පොඩියට හිටපු ඔයාගේ බබා මෙ කාලය ඇතුලේ හරිම වේගයෙන් ලොකු වෙන එක. ඉතින් මේ වයස් සීමාවෙදි ඔයා බබා ගැන දැනගන්නම ඕන දේවල් මොනවද? එයාගේ ශරීරයේ, mind  එකේ වෙන වෙනස්කම් මොනවද? මේ හැමදේම ගැන අපි අද කතා කරමු. 

අපි මුලින්ම කතා කරමු එයාගේ Language and Cognitive Milestones ගැන. ඔයාගේ පුංචි බබා chatterbox  එකක් වෙන්න පටන් ගන්නෙත් මෙන්න මේ කාලෙදි තමයි. අවුරුදු හතර වෙනකොට එයාට පුළුවන් සම්පූර්ණයෙන්ම වාක්‍යයක් කතා කරන්න වගේම ඔයා අහන සරල ප්‍රශ්ණෙකට උත්තර දෙන්නත්. සරලවම කිව්වොත් අදම හම්බෙන කෙනෙකුට උනත් තේරෙන විදියට කතා කරන්න එයාට මේ වයස වෙනකොට පුළුවන්. තව එයාට පුලුවන් steps තුනක් හතරක් තියෙන command එකක් හරියටම follow කරන්නත්. Example එකක් විදියට කිව්වොත්, එයාට පුළුවන් ඔයා කිව්වොත් එයාගෙ බිම වැටිලා තියෙන toy එකක් අහුලල ඒක බාස්කට් එකට දාලා ඔයා ලගට එන්න.  ගණන් කරන්න, එක එක විදියේ shapes අදුන ගන්න, අකුරු, ඉලක්කම් විතරක් නෙමෙයි pronouns පාවිච්චි කරන්නත් එයා මේ කාලෙදි පටන් ගන්නවා. චිත්‍ර අදින එක ගැන කතා කලොත් එයාට පුළුවන් මනුස්සෙක් අදින කොට body parts තුනක් එක්ක විතර එයාගේ චිත්‍රය සම්පූර්ණ කරන්න.

ඒ වගේම අවුරුදු හතරේ කාල සීමාව කියන්නේ බබා, එයාගේ වටේ තියෙන හැම දෙයක් ගැනම උනන්දුවෙන් අහගෙන බලාගෙන ඉදල ඒ තොරතුරු digest කරගන්න කාලෙ. එයාලගේ imagination එකත් හිතාගන්න බැරි වේගෙන් මේ කාලෙදි වර්ධනය වෙනවා. වෙනදා වගේම  එයාගේ Language and Cognitive Milestones එකට අදාල check list  එක අපි බලමු. 

  • එයාට වෙලාව ගැන අවබෝධයක් ඇති වෙනවා. 
  • එයාගේ first and last name එක අදුනගන්න, කියන්න එයාට පුලුවන්කම හම්බෙනවා. 
  • songs and poems මතකයෙන් කියන්නත් එයාට පුළුවන්. 
  • එයාට කියන story එකක ඊලගට මොකද්ද වෙන්නේ කියල හිතන්නත් එයාට මේ කාලෙදි පුළුවන්කම ලැබෙනවා. 
  • මේ වෙනකොට එයා අපි use කරන වචන 1000 – 2000 ක් විතර දන්නවා. ඒ වචන වලින් 5 ක් විතර යොදාගෙන සම්පූර්ණ වාක්‍යයක් කියන්නත් එයාට පුළුවන්. 

දැන් අපි බලමු අවුරුදු හතරක බබෙක්ගේ Movement, Hand, and Finger Milestone  එක ගැන. මේ කාලේ අපිට දකින්න හම්බෙන විශේෂම දේ තමයි බබෙක්ගේ අත පය ඉක්මනින් ලොකු වෙන එක. ඒ එක්කම එයාගේ motor skills හැම එකම වගේ ගොඩක් mature වෙන්න ඒ කියන්නේ පරිණත වෙන්න පටන් ගන්නවා. මේ වයසෙ බබෙක්ගෙ බර රාත්තල් 40 ක් වෙද්දී උස අගල් 40 ක් වගේ වෙනවා. ඉතින් ඉක්මනට ලොකු වෙනවා කියන්නේ එයාට හොද නින්දක්, හොද කෑම වේලක් අනිවාර්යෙන්ම ලැබෙන්න ඕන. එයාලට එලියට ගිහින් සෙල්ලම් කරන්න, බයිසිකල් පදින්න, කතුරු වගේ දේවල් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්නත් මේ වයසෙදි පුළුවන්. කාඩ් සෙල්ලම් කරන්න, බෝර්ඩ් සෙල්ලම් කරන්න puzzle විසදන්න විතරක් නෙමෙයි එයා පුංචි artist කෙනෙක් වෙන්නෙත් මෙන්න මේ කාලෙදි තමයි. මේ Milestone  එකේ checklist එක අපි දැන් බලමු. 

  • බබාට මේ කාලෙදි දුවන්න, පනින්න, උඩ නගින්න පුලුවන්. 
  • තනි කකුලෙන් තත්පර 10 කට වඩා ඉන්න පුළුවන්. 
  • දත් මදින්න ඉගෙන ගන්න, ඇදුම් අදින විදිය ගලවන විදිය තනියම කරන්නත් එයාට පුළුවන්. 
  • කෑන් එකක, බෝතලයක තියෙන දෙයක් ඉහිරවගන්නෙ නැතුව වත් කරගන්නත් එයාට පුළුවන්. 
  • මේ වෙනකොට එයා potty trained වෙලයි ඉන්නෙ. හැබැයි ඇද තෙමෙන එකත් ඉතින් මේ වයසෙදි වෙන්න පුළුවන් දෙයක්. 

අපි දැන් කතා කරන්න යන්නේ අවුරුදු 4 ක බබෙක්ගේ Emotional and Social Milestone එක ගැනයි. මේ වයසෙදි බබෙක්  එයාලගේම opinions සහ beliefs ගොඩ නගා ගන්න පුරුදු වෙනවා. ඒවගේම ලෝකය එක්ක හොද  touch එකක් තියාගන්නත් එයාලට මේ වයසෙදි පුළුවන්. මේ වයසේ ඉන්න බබෙක්ටත් තමන්ට ඇති වෙන  emotion මොනවද කියල තේරුම් ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවක බබෙක්ට temper tantrums ඇති වෙන එක ගොඩක් සාමාන්‍ය දෙයක්. යාලුවෝ හදාගන්න, අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නත් බබා ඉගෙන ගන්නේ මේ කාල වකවානුවේදීයී. එයාලා මේ වයසෙදි ගොඩක් creative නිසාම  imaginary friends ලා හදාගන්නත් එයාලා පෙළබෙනවා. Emotional and Social Milestone එකට අදාල checklist එක තමයි මේ. 

  • මේ වයස වෙනකොට කෙනෙක් දුකින් ඉන්නවා නම් එයාව comfort කරන්න බබාට පුළුවන්. 
  • අනතුරුදායක දේවල් වලින් ඈත් වෙලා ඉන්න එයාට දැන් තේරෙනවා. 
  • ඒවගේම තව කෙනෙකුට උදව් කරන්නත් එයාට පුලුවන්. 
  • මේ වයස වෙනකොට තමන් ඉන්න තැන ගැන අවබෝධයක් තියාගෙන ඒ විදියට හැසිරෙන්නත් බබාට පුළුවන්. 

මේ ප්‍රධාන Milestone වලට අමතරව අපිට දකින්න පුළුවන් අනිත් දේවල් තමයි, එයාට මේ වයස වෙනකොට sexuality කියන දෙ ගැන අවබෝධයක් තියෙනවා. මෙන්න මේ කාලෙදි තමයි sex කියන වචනය ගැන එයාලා උනන්දු වෙන්නේ. වැඩිහිටියෝ විදියට සමහරක් වෙලාවට අපිව අපහසුතාවයට පත් වුනත් එයාට තේරෙන විදියට ඒ දේවල් කියල දෙන්න අපි දැනගෙන ඉන්න ඕන. වැඩිහිටියෝ දැනගන්න ඕන අනිත් කාරනේ තමයි ලිංගික අවයව වලට පාවිච්චි වෙන හරිම වචන දරුවන්ට කියල දෙන්න ඕන කියන එක. මොකද මේ වයසෙදි තමයි එයාලා එයාලගේ body එක explore කරන්න පටන් ගන්නේ. එයාලව ලැජ්ජ නොකර, බනින්නෙ නැතුව එයාලගේ body එක ගැන කියල දෙන්න මේ තමයි හොදම වයස. 

මේ වෙනකොට අපි milestone ගැන කතා කරල නම් ඉවරයි. එයාට මේ කාලේ ඉගෙන ගන්න grow වෙන්න අපිට මොනවද කරන්න පුලුවන්. අපි දැන් ඒ ගැන කතා කරමු. 

මේ වයසෙ බබෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට එයාට වැඩෙන්න, ඔයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි පුළුවන් හැම වෙලාවෙම එයත් එක්ක කතා කරන එක. එයාලව read කරන එක. ඒ විතරක් නෙමෙයි එයාට support කරන එකත් ගොඩක් වැදගත්. මේ වයසෙ දරුවෙක්ට එක එක විදියේ ප්‍රශ්ණ මිලියන ගානක් තියෙන්න පුළුවන්. ඒවට තරහ නොගෙන එයාට උත්තර දීලා එයත් එක්කම ඉන්න එක එයාගේ වර්ධනයට ලොකු උදව්වක් වෙනවා. 

ඒ වගේම බබාගේ  discipline සම්බන්ධයෙනුත් ඔයාට පුළුවන් මේ කාල සීමාවෙදි පොඩි පොඩි steps අනුගමනය කරන්න. එයා තාමත් දෙවල් වලට හුරු වෙන කෙනෙක් නිසා.. එයාට අවශ්‍ය guidance  එක අපි අනිවාර්යෙන්ම අපි ලබා දෙන්න ඕන. ගෙදරදි අපි follow කරන්න ඕන පොඩි පොඩි දේවල්, ඒ කියන්නේ මේසෙ අස් කරන එක, එයාගේ සෙල්ලම් බඩු පිළිවෙලකට තියන එක වගේ දේවල් එයාට කියල දෙන්න. 

මේ වයසෙ බබෙක්ගේ ආරක්ෂාව ගැන ඔයා දැනන් ඉන්න ඕන දේවල් ගැන අපි දැන් කතා කරමු. 

බබා ඉක්මනින්ම ලොකු වෙන නිසා කලින් එයාට බැරි වුන ගොඩක් දේවල් මේ වෙනකොට බබා කරනවා උනත් කලින්ටත් වඩා එයා ගැන අපි ඇහැ ගහන් ඉන්න ඕන මේ කාලෙදීයී. මේ නිසා හැම මොහොතකම safety tips අනුගමනය කරන්න අමතක කරන්න එපා. බයිසිකල් පදිනකොට, ගෙදර ඉන්නකොට, සෙල්ලම් කරන කොට වගේ හැම වෙලාවකදිම බබාගේ ආරක්ෂාව තහවුරු කරගන්න අමතක කරන්න එපා. 

ඒවගේම අවුරුදු 4 – 6 කාලසීමාවෙදි බබාලට දෙන්න ඕන එන්නත් කීපයක්ම තියෙනවා. DTaP vaccine, MMR vaccine, IPV vaccine (polio) එක වගේම varicella vaccine එකත් මේ වයසෙදි බබාලට දෙන්න ඕන. ඉතින් ඒවා ගැනත් සැලකිලිමත් වෙන්න. 

සමහරක් වෙලාවට අපිට මේ වයසෙ බබෙක් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. අවුරුදු හතර ලබපු බබෙක් අනිත් යාලුවෝ එක්ක සෙල්ලම් කරන්න එච්චර උනන්දු නැත්නම්, එයා කතා කරන්නේ අමාරුවෙන් නම්, කෙනෙක් දෙන සරල Command  එකක් පිලිපදින්න එයාට බැරි නම් මෙන්න මේ වගේ වෙලාවක අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. 

අනිත් කාරණය තමයි එයාට උඩ පනින්න, කුරුටු බලි අදින්න, දුවන්න, තනියම ඇදුම් අදින්න, සරල ප්‍රශ්ණයකට උත්තර දෙන්න බැරි නම් අදාල වෘත්තියවේදීන් හම්බෙන එක කල් දාන්න එපා. ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන අනිත් දේවල් තමයි එයා කියන දේ ඔයාට තේරෙන්නෙ නැත්නම් වගේම එයාට pronouns හරියට පාවිච්චි කරන්න බැරිනම්, පවුලේ අය ඇරිනම අනිත් අය එක්ක එයා socialize වෙන්නෙ නැත්නම් අන්න ඒ වගේ වෙලාවලදිත් කලින් කිව්ව  වගේම වෘත්තියවේදියෙක්ගේ සහය ගන්න අමතක කරන්න එපා. 

ඉතින් මේ වයසෙ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දැනගන්න ඕන හැමදේම වගේ අපි කතා කලා. අවුරුදු හතර කියන්නේ ඔයා ඔයාගේ බබා ගැන ගොඩක්ම අවධානයෙන් ඉන්න ඕන, එයව පරිස්සම් කරන්න ඕන, එයාගේ වර්ධනයට උදව් කරන්න ඕන කාලයක්. ඉතින් ඒක මතක තියාගෙන ආදරෙන් ඉවසීමෙන් එයත් එක්ක වැඩ කරන්න. එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක අද post එක මම ඉවර කරනවා. 

Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon

Share this:
error: Content is protected !!
×