“අයිතිය” කියන වචනෙ ගැන අපි හැමෝම දන්නවා. අපිට මේ දේ හම්බෙන්න ඕන. අර දේ හම්බෙන්න ඕන කියල අපි නිතරම වගේ හිතනවා. ඒ වුනාට අපි ගොඩක් දෙන්නේ දන්නෙ නැති දෙය
“අයිතිය” කියන වචනෙ ගැන අපි හැමෝම දන්නවා. අපිට මේ දේ හම්බෙන්න ඕන. අර දේ හම්බෙන්න ඕන කියල අපි නිතරම වගේ හිතනවා. ඒ වුනාට අපි ගොඩක් දෙන්නේ දන්නෙ නැති දෙයක් තමයි මේ ලෝකයේ ජීවත් වෙන පුංචි දරුවන්ටත් වයසින් වැඩි අපිට වගේම අයිතීන් තියෙනවා කියන එක. හැබැයි මේ ආටිකල් එක කියවන ඔයා වගේම අපි අතර ජීවත් වෙන ගොඩ දෙනෙක් ඒ මොනවද කියන එක ගැන හරියටම දන්නෙ නැහැ. ඉතින් හැමදාමත් ඔයාලට අලුතින් දැනුම අරගෙන එන Ma Think School අපි හිතුවා අද ආටිකල් එකෙන් ඒ මොනවද කියල හරියටම ඔයාලට කියල දෙන්න.
අංක එක
මේ ලෝකයට බිහි වෙන හැම දරුවෙක්ටම තමන්ටම කියල නමක් තියෙන්න ඕන. අන්න ඒක තමයි දරුවන් වෙනුවෙන් මේ ලෝකේ හැදිලා තියෙන පළවෙනිම නීතිය.
අංක දෙක
අපි හැමෝම ජීවිතයේ එක වතාවක් හරි අසනීප වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවට වැඩිහිටියන් වෙන අපිටත් කාගෙම හරි උදව්වක් ඕන. පුංචි දරුවන්ටත් ඒක ඒ වගේම තමයි. එයාලා ලෙඩ උනොත් බෙහෙත් අරන් දෙන එක, එයාව බලාගන්න එක වැඩිහිටියන් වෙන අපේ වගකීමක්. ඒ විතරක් නෙමෙයි කන්න පෝෂණය පිරුණු ආහාර, බොන්න පිරිසිදු වතුර වගේම ඉන්න ආරක්ෂිත ගෙදරකුත් දරුවෙකුට ලැබෙන්න ඕන.
අංක තුන
පුංචි ලමයි කියන්නේ මල් වගේ කියල අපි කතාවටත් කියනවනේ. ඉතින් ඒ නිසාම මේ පුංචි පැටව් ආරක්ෂා කරගන්න එක වැඩිහිටියන්ගේ වගකීමක්. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට පොඩි දරුවෙකුගේ හිතක් රිද්දන්න අයිතියක් නැහැ. ඒ වෙනුවට ලොකු අය කරන්න ඕන මේ මල් කැකුළු පරිස්සමට ආදරයෙන් රැක බලාගෙන අනාගතයට බාර දෙන එකයි.
අංක හතර
පුංචි ලමයි කියන්නේ නිතරම කුතුහලයෙන් ඉන්න පිරිසක්. එයාලට නිතරම වගේ එක එක දේවල් කල්පනා වෙනවා. තමන්ගෙ අම්මා තාත්තා කියන කරන දේවල් ගැන, අවට තියෙන දේවල් ගැන එයාලා ගොඩක් දේවල් තනියම හිතනවා. මේ කල්පනා කරන දේවල් වචන වලින් තමන් ලගම ඉන්න අම්මා හරි තාත්තා එක්ක හරි කියන්න, එයාලට අයිතියක් තියෙනවා.
අංක පහ
අපි කලින් අංක හතරෙදි කිව්වනේ ළමයි තනියම දේවල් කල්පනා කරනවා වගේම ඒවා අම්ම හරි තාත්තා එක්ක හරි කියන්න කැමැතියි කියල. ඉතින් මේ කියන දේවල් වැඩිහිටියෝ විදියට අහල අමතක කරල දාන්න අපිට අයිතියක් නෑ. පොඩ්ඩෝ කියන මේ දේවල් අහල එයාලා එක්ක ඒවා ගැන කතා කරන එක වැඩිහිටියෝ වෙන අපි කරන්නම ඕන දෙයක්. ඒක දරුවන්ගේ අයිතියක්.
අංක හය
තමන්ගේ ජීවිත කාලෙ ලස්සනටම ගෙවුණ කාලෙ මොකද්ද කියල කෙනෙක් ඇහුවොත් අපි හැමෝගෙම උත්තරේ වෙන්නේ අපේ පුංචි කාලේ කියන එක. බිත්ති පුරා චිත්ර අදින්න, කෑ ගහල සිංදු කියන්න, කැමති කැමති විදියට නටන්න, උඩ පනින්න, සෙල්ලම් කරන්න මේ වගේ කාලයක් ආයෙමත් දරුවෙක්ට එන්නෙ නැහැ. ඉතින් එයාලට ඒ නිදහස අපි දෙන්න ඕන. සතුටින් විනෝදයෙන් පරිස්සමට මේ පුංචි කාලේ ගත කරන්න දරුවෙක්ට අයිතියක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් දරුවන්ට ඕන කරන දේවල්, ඉඩකඩ හදල දෙන එක තමයි වැඩිහිටියන් වෙන අපේ යුතුකම වෙන්නෙ.
අංක හත
පොඩ්ඩෙක්ගෙ රෝල් මොඩ්ල් එක වෙන්නෙ එයාගේ අම්මා නැත්නම් තාත්තා. ඉතින් එයා හිතනවා මේ ලෝකේ ඉන්න හොදම අම්මා, හොදම තාත්තා ඉන්නෙ මට කියල. ඒ විතරක් නෙමෙයි මේ මුළු ලෝකේ තම්න්ට තියෙන පරිස්සම්ම තැන තමන්ගේ අම්මා තාත්තා ඉන්න තැන කියලත් දරුවො හිතනවා. ඉතින් ඒක හරි කියල ඔප්පු කරන එක තමයි අම්මා තාත්තා වෙන ඔයාගේ වගකීම වෙන්නේ.
අංක අට
දරුවෙක් කියන්නේ සුළු පටු වගකීමක් නෙමෙයි. ඒක අපි හැමෝම පිළිගන්නවා. දරුවෝ ටික ටික ලොකු වෙනකොට එයාලව බිමින් තියල තනියම ඇවිදින්න හුරු කරනවා වගේම තනියම ජීවත් වෙන්නත් අපි උගන්වන්න ඕන. ඉන්ඩිපෙන්ඩන්ඩ් දරුවෙක් හදන එක දෙමාපියෝ වෙන අපේ යුතුකමක්. මොකද දරුවෝ එක්ක හැමදාම අපිට ඉන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නැහැ. හැබැයි එයාලා තමන්ගෙ කකුල් දෙකෙන් හිටගන්න කන් දරුවන්ට එන ප්රශ්න වලදි අපි එයාලත් එක්ක හයියට ඉන්න ඕන. ඊට පස්සෙයි අපි එයාලට තනියම එයාලගේ ලෝක වලට යන්න ඉඩ දෙන්න ඕන.
අංක නවය
අපි දැන් දරුවන්ට වෙන් වුන අයිතීන් ගොඩක් ගැන කතා කලානෙ. මේ අයිතීන් මේ ලෝකයේ ඉන්න හැම දරුවෙක්ටම පොදු අයිතීන් කියන එක අපි මතක තියා ගන්න ඕන. ඒ දරුවා ගෑණු දරුවෙක් උනත් පිරිමි දරුවෙක් උනත්, ටිකක් මහත උනත් කෙට්ටු උනත් ආබාදිත දරුවෙක් වුනත් මොන දේ වුනත් මේ ලෝකේ හැම දරුවෙක්ටම මේ හැම අයිතියක්ම හිමි වෙනවා.
අංක දහය
අංක නවයෙන් අපි කිව්වා වගේම අංක 10 න් කියන්නෙත් ඒකම තමයි. අපි අතර ආබාධිත දරුවන් ජීවත් වෙනවා. ඇවිදින්න බැරි, කතා කරන්න බැරි, ඇහෙන්නෙ නැති මේ වගේ නොයෙකුත් ආබාද තියෙන දරුවෝ අපි අතර ජීවත් වෙනවා. හැබැයි එහෙමයි කියල එයාලට අපි මේ කතා කරන අයිතීන් අහිමි වෙන්නේ නැහැ. එයාලටත් මේ අයිතීන් හැම එකක්ම අනිවාර්යෙන්ම ලැබෙන්න ඕන. එහෙම නොලැබෙන වෙලාවක් තියෙනව නම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නත් වැඩිහිටියෝ කටයුතු කරන්න ඕන.
අංක එකොළහ
ඉතින් අපි අද ලිපියෙන් මේ කලෙත් මෙන්න මේ දරුවන්ට හිමි වෙන්න ඕන 11 වෙනි අයිතිය ගැන කතා කරපු එක තමයි. වැඩිහිටියෝ වෙන අපි දරුවන්ගේ අයිතීන් ගැන දැනුවත් වෙන්න ඕන. හැබැයි අපි කීයෙන් කී දෙනාද මේ දේවල් ගැන දන්නේ? දරුවන්ගෙ අයිතීන් ගැන දැනගෙන ඒවා දරුවන්ට ලබල දෙන එක තමයි වැඩිහිටියෝ වෙන අපේ යුතුකමක්.
දරුවෝ කියන්නේ අපේ අනාගතේ. ඒ නිසාමයි හොදම දේ දරුවන්ට කියලත් අපි කියන්නෙ. දැන් ඔයාලා දන්නවා ඇති දරුවෝ වෙනුවෙන් ලෝකයේ නිර්මාණය වෙලා තියෙන අයිතීන් මොනවද කියල. හැබැයි දරුවන්ට ඒ අයිතීන් හම්බෙන්න නම් ඒවා ලබා දෙන්න වැඩිහිටියෝ වෙන අපි එයාලට උදව් කරන්න ඕන. ලෝකේ මේ වගේ අයිතීන් නිර්මාණය වෙලා තියෙන්නෙත් දරුවෝ සතුටින් තියන්න, එයාලව ආරක්ශිතව තියන්න වගේම දරුවන්ට සුන්දර ලමා කාලයක් උරුම කරවන්නයි. ඉතින් අපි ඒ අයිතින් අපේ දරුවන්ට වගේම මේ ලෝකයේ ඉන්න හැම දරුවෙක්ටම ලබා දෙමු. එයාලගෙ ලමා ලෝකය හරිම සුන්දර ලස්සන තැනක් කරමු. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අද ලිපියෙන් අපි සමු ගන්නවා. එහෙනම් හැමෝටම සුබ දවසක්!
Author: Ishanka Abeysinghe
Content Editor: Amali Samarakoon