HomeEducation

ඔබේ දරුවාට හොඳ ම පෙර පාසල තෝරගන්න නම් මේ ගැන හිතන්න

ඔබේ දරුවාට හොඳ ම පෙර පාසල තෝරගන්න නම් මේ ගැන හිතන්න

ඔබත් ඔබේ සිඟිත්තාට හොඳ ම පෙර පාසල මොකක්ද කියාලා හිතලා වද වෙන කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය ඔයාටමයි. මෙන්න මේ දේවල් ගැන ටිකක් වැඩිපුර හිතලා බැලුවොත් ඔයාට හ

අවුරුදු පහක බබෙක් ගැන ඉගෙන ගමු
අවුරුදු 4 ක බබෙක් ගැන ඉගෙන ගමු.
අවුරුදු හයක බබෙක් ගැන ඉගෙන ගමු

ඔබත් ඔබේ සිඟිත්තාට හොඳ ම පෙර පාසල මොකක්ද කියාලා හිතලා වද වෙන කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය ඔයාටමයි. මෙන්න මේ දේවල් ගැන ටිකක් වැඩිපුර හිතලා බැලුවොත් ඔයාට හොඳ ම පෙර පාසලක් හොයගන්න පුළුවන් වේවි. 

පළමුවෙන් ම ආරක්ෂාව

ආරක්ෂාව කියපු සැණින් ම අපට මතක් වෙන්නේ වටපිටාව,. පෙරපාසලේ තාප්පයක් තියනවද? පාර ළඟ වැඩිද? වගේම ඒකේ ආරක්ෂක නිලධාරියෙක් ඉන්නවද කියලා බලන එකත් වැදගත්. ඒ වගේ ම ගොඩනැගිලි ඇතුළත ආරක්ෂාවත් වැදගත්. පන්ති කාමර ඇතුළේ තියන විදුලි ස්විච් දරුවන්ට ළඟා වෙන්න බැරි උසකින් තියෙන්න ඕන. ඒ වගේම වැසිකිළි, බාත් රූම් වල සින්ක්, ටැප් දරුවන්ගේ උසට, එයාලට පාවිච්චි කරන්න පුළුවන් උසින් ආරක්ෂකාරීව තියෙන්න ඕන. ඒ වගේම දරුවන් වැඩ කරන මේස පුටුවල අයින, නැත්නම් කොන් උල් හැඩයට තියනවා නම් මේවගේ වැදිලා දරුවන්ට තුවාල වෙනවා. ඒ නිසා ඒවා වෙනස් කරන්න කියලා ඔබට ඉල්ලීම් කරන්න පුළුවන්. පෙර පාසල ඇතුළේ පඩිපෙළක් තියනවා නම් ආරක්ෂිතව, අත්වැටක් එක්ක ද තියෙන්නේ කියලා හොයලා බලන්න ඕන.

ගුරුවරුන්ගේ සුදුසුකම්

විදුහල්පතිගේ ඉඳලා දරුවන්ට උගන්වන සියලු ම ගුරුවරුන් පූර්ව ළමාවිය අධ්‍යාපනය, ළමා මනෝවිද්‍යාව පිළිබඳ හදාරපු සුදුසුකම් සහිත අය විය යුතුයි. ගුරුවරුන් ට ප්‍රථමාධාර පිළිබඳ යම්තාක් හෝ දුරට දැනුමක් තිබීමත් ඉතාම වැදගත්. හදිසියේ දරුවකුට අනතුරක් වුනොත් නිසි ප්‍රථමාධාර නොලැබුණොත් තත්තවය භායානක වෙන්න පුළුවන්.

විදුහල්පති සහ නීතිරීති

ඇතැම් විදුහල්පතිවරු පාසලේ මොන දේ වුනත් ගුරුවරුන් වෙනුවෙන්, පාසල වෙනුවෙන් විතරක් පෙනී ඉන්නවා. එවැනි අයගෙන් දරුවන්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන්ගේ ප්‍රශ්නවලවට, පුන්චි රණ්ඩු වලට දරුවන්ට පහර දෙන අය ඉන්නවා. ඒ වගේම ඇතැම් පාසල්වල පුන්චි දරුවන්ට නොගැළපෙන නීති රීති තියෙන්න පුළුවන්. පාසල් ඇඳුම් පැළඳුම්, හැසිරිම, ආචාරධර්ම වගේ දේවල් සමහර වෙලාවට දරුවන්ට නුසුදුසු වෙන පුළුවන්. පෙර පාසලේ නිති රීති මොනවද? ඒවා සුදුසු ද කියලා අනිවාර්‍යයෙන් ම හොයලා බලන්න.

පෙර පාසල නිරීක්ෂණය කිරීමට අවස්ථාවක්

ඔබ යම් පෙර පාසලක් තෝරගන්න කලින් ඒක නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ඉල්ලන්න. බොහෝ විට ලංකාවේ නම් මෙහෙම කරන්නේ නැහැ. ඒත් මේකෙන් ඔයාට ගුරුවරුන් දරුවන්ට සලකන විදිය, ඔවුන් අතර තියන සම්බන්ධය,පාසලේ වැඩ කටයුතු සිදු වන ආකාරය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ පෙරපාසලක් නම් අනිවාර්‍යෙන් ම ඔබට මේ අවස්ථාවත් ලබා දේවි.

පන්ති කාමරයක ගුරුවරු සහ ළමුන් ප්‍රමාණය

නවසීලන්තයේ නීතිරීති අනුව අවුරුදු 3ට වැඩි දරුවන් අට දෙනෙකුට අවම වශයෙන් එක ගුරුවරයෙක් ඉන්න ඕන. දරුවන්ගේ වයස අනුව මේ අනුපාතය වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් එක ගුරුවරයකුට ළමුන් 20 ට වඩා නම් බලා ගන්න බැහැ. ළමයි වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් අඩු තරමේ සහායක ගුරුවරියක් වත් ඉන්න ඕන. නැත්නම් එය සාර්ථක වන්නේ නැහැ. ඒනිසා දරුවාගේ පන්ති කාමරේ ඉන්න ළමයි ප්‍රමාණය ගැනත් අනිවාර්‍යෙන් ම හොයලා බලන්න.

පාසලේ සනීපාරක්ෂාව

පුංචි දරුවන් කියන්නේ ඉක්මනින් ලෙඩ රෝගවලට ගොදුරු වන පිරිසක්. ඒ නිසා පෙරපාසලේ වැසිකිළි, සින්ක්, කානු පද්ධතිය නිතර පිරිසිදු කරනවද කියලා සොයලා බලන්න. පන්ති කාමර වුනත් හොඳින් පිරිසිදුවට පවත්වාගෙන යනවද? ඒ වගේම පසලේ දැනට ඉන්න දරුවන් අතර යම් බෝවන රෝග පැතිරෙනවද? වගේ දේවල් ගැනත් සැලකිලිමත් වීම වැදගත්.

විෂය බාහිර ක්‍රියාකාරකම්

පෙර පාසල් අවධියේදී දරුවන් ගොඩක් දේවල් ඉගෙන ගන්නේ පොත පත පරිශීලනයට වඩා විෂය බාහිර ක්‍රියාකාරකම් මගින්. උදාහරණයක් විදියට සෞන්දර්‍ය ක්‍රියාකාරකම්, ක්‍රීඩා, සංස්කෘතික උත්සව වැනි දේවල්වලින් දරුවන් විශාල දැනුමක් වගේම අත්දැකීම් ප්‍රමාණයක් ලබනවා. එනිසා පාසල විෂය බාහිර ක්‍රියාකාරකම් වලට කොච්චර අවධානයක් දෙනවද කියලා අනිවාර්‍යෙන් හොයලා බලන්න.

එළිමහන් ක්‍රියා සඳහා ඇති ඉඩකඩ

පුංචි දරුවන්ට දුවන්න, පනින්න, සෙල්ලම් කරන්න වගේම සොබාදහම එක්ක ගැවසෙන්න ඉඩකඩක් තියන එක හරිම වැදගත්. ඒ නිසා පෙරපාසලක් තෝරගනිද්දි ඒකේ එළිමහනේ ඉඩකඩ තියනවාද කියලා හොයලා බලන්න අමතක කරන්න එපා.

දෙමාපියන් සමග සන්නිවේදනය

ඔබ තෝරාගන්නා පෙරපාසල ඔබ සමග නිරන්තරයෙන් සම්බන්ධ වීමත් ඉතාම වැදගත්. දරුවා නිවසේදී හැසිරෙන විදිය පාසලට දැනුම් දෙන්නත්, පාසලේදී හැසිරීම පිළිබඳ ඔබ දැනුවත් වෙන්නත් මේක වැදගත්. බොහෝ වෙලාවට දරුවාගේ යම් වෙනසක්, රෝගී තත්ත්වයක් මුලින්ම හඳුනාගන්නේ ගුරුවරයා. ඒ ගැන ඉක්මනින් ම දෙමාපියන් දැනුවත් වීම අත්‍යවශ්‍යයි.

ඉතින් ළඟම තියන පෙර පාසලට යවන්නේ නැතුව මේ කරුණු ගැන හිතලා හොඳම පෙරපාසලක් තෝරගත්තොත් ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කරන්න හොඳ අඩිතාලමක් දාන්න ඔබට පුළුවන් වේවි.

Author: Samuditha Fernando
Content Editor: Amali Samarakoon

Reference:

https://oece.nz/public/information/childcare-choices/structural-indicators/

Share this:
error: Content is protected !!
×