HomeNewsSri Lankan News

ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

ආසියානු ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 5ක්

චීනයේ හන්ජෝ නුවර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව් ඊයේ නිමාවට පත් වූ අතර, ශ්‍රී ලංකා නියෝජනය පෙරේදා අවසන් වූයේ රන්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්: “සුව අරණ” සංචාරය
නවසීලන්ත වැසි කාලගුණයට හොඳම කුඩය කුමක්ද?
විලියම්සන් වෙනුවට දසුන් IPL යයි…

චීනයේ හන්ජෝ නුවර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව් ඊයේ නිමාවට පත් වූ අතර, ශ්‍රී ලංකා නියෝජනය පෙරේදා අවසන් වූයේ රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමිනි.

මලල ක්‍රීඩාවට අමතරව ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ද දිනාගත් අතර, ඒ අනුව මෙවර ක්‍රීඩා උලෙළේදී මේ වන විට දිනාගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 5කි. ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ශ්‍රී ලංකාව පදක්කම් 5ක් හෝ ඊට වැඩියෙන් දිනාගත්තේ වසර 21කට පසුව වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාව අවසන් වරට 2002දී පදක්කම් 6ක් දිනාගෙන තිබුණේ රන් 2ක්, රිදී 1ක් සහ ලෝකඩ 3ක් ලෙසිනි.

මෙවර ක්‍රීඩා උලෙළේදී කැපී පෙනෙන ශ්‍රී ලාංකිකයා බවට පත්වූයේ තරුෂි කරුණාරත්නය. මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඇය ඉන් මිනිත්තු 50කට පසුව මීටර් 400 කාන්තා සහාය දිවීමේ කණ්ඩායම සමඟ එක්ව ලෝකඩ පදක්කම දිනා ගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟිනි.

මේ රන් පදක්කම දිනා ගැනීමත් සමඟ මීටර් 800 ඉසව්වේ ආසියානු මලල ක්‍රීඩා සංගමය ඊයේ නිකුත් කළ නවතම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ආසියානු ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ ක්‍රීඩිකාව බවට පත්වීමට තරුෂි සමත්ව තිබේ.

මේ අතර ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසුවේ තරුෂි ජාත්‍යන්තර මට්ටමෙන් තවත් ඉදිරියට ගෙන යෑම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ මැදිහත් වීම මත විදෙස් ශිෂ්‍යත්වයක් ලබා දීමට කටයුතු කරන බවයි. ඔලිම්පික් පදක්කම්ලාභී හිටපු ප්‍රවීණ මලල ක්‍රීඩක එස්.එල්.බී. රෝසා මහතාගේ සම්බන්ධීකරණයෙන් මේ ශිෂ්‍යත්වය හිමි වනු ඇත.

ඒ අනුව ඉදිරියේදී තරුෂිගේ පුහුණුවීම් අමෙරිකාවේදී සිදු වනු ඇති බවත් කෙසේ වෙතත් ඒ සඳහා ඇයගේ මෙරට අධ්‍යාපන කටයුතු නිමා විය යුතු බවත් ඔහු කියා සිටියේය. වලල ඒ රත්නායක විදුහලේ ශිෂ්‍යාවක වන තරුෂි මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

Share this:
error: Content is protected !!