භාවිතයට නොගත් සුඛෝපබෝගී වාහන විශාල ප්‍රමාණයක් ඇති බව පවසමින් කථානායක ආචාර්ය ශෝක රන්වල මහතා ඊයේ ප්‍රකාශ කළේ බොහෝ මැති ඇමැතිවරුන් සුඛෝපබෝගී වාහන භාවිත
භාවිතයට නොගත් සුඛෝපබෝගී වාහන විශාල ප්‍රමාණයක් ඇති බව පවසමින් කථානායක ආචාර්ය ශෝක රන්වල මහතා ඊයේ ප්‍රකාශ කළේ බොහෝ මැති ඇමැතිවරුන් සුඛෝපබෝගී වාහන භාවිතය ප්‍රතික්ෂේප කරන්නේ ඒවායේ ඉන්ධන කාර්යක්ෂමතාව අඩු නිසා බවයි.
නාගානන්ද ජාත්යාන්තර බෞද්ධ අධ්‍යන ආයතනයේ පැවති උත්සවයකදී ඔහු මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ අඩු ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත සුඛෝපභෝගී වාහන අප රටට නුසුදුසු බවයි.
පාර්ලිමේන්තුව හරහා මෙතෙක් කිසිදු මන්ත්රීිවරයකු සුඛෝපභෝගී වාහන ඉල්ලා නොමැති බව කථානායකවරයා පැවසීය. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට ජනතා අභිලාෂයන් අනුව කැපකිරීම් කළ යුතු බව කථානායකවරයා පැවසීය.
එම වාහන විකුණා අවසන් දැයි විමසූ විට ඔහු පැවසුවේ එම සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම ජාතික මට්ටමේ තීරණයක් බවයි. අමාත්‍යවරුන් නිල නිවාස ඉල්ලා නොමැති බව පැවසූ කථානායක රංවල රජයට අයත් නිවාස අමාත්‍යවරුන්ගේ පෞද්ගලික පරිහරණයට නොව පොදු කටයුතු සඳහා භාවිත කරන බවද පැවසීය.