HomeGeneral

ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ ප්‍රභල පරාජයක්

ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ ප්‍රභල පරාජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ පළමු තරඟය අද දිනයේ පැවැත්වූ අතර මෙය තරඟ වට 3කින් සමන්විතවේ.

ඉන්දියාව 8වෙනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයගනී
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ T20I තරඟාවලිය සඳහා දිවයිනෙන් පිටවෙයි …
ඉන්ධන බෙදාහැරීම කඩාකප්පල් කරන්නන්ට විරුද්ධව දැඩි පියවර

පළමු තරඟය නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී ඊඩ්න් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත් ඔවුන් නවසීලන්ත කණ්ඩායම්ට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔවුන් හට ලබාදුන්නා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ ෆින් ඇලන් හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 51ක්ද, රචින් රවින්ද්‍ර ලකුණු 49ක් සහ ඩැරල් මිචෙල් – 47 ද සමඟ පන්දුවාර 49.3 කදී සියලුදෙනා දැවී මුලු ලකුණු 274ක් ලබාගත්තා.

ඉන් අනතුරුව නවසීලන්තය විසින් ලබා දුන් ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 10යේ සීමාව පසු කර යෑමට හැකි වූයේ චාමික කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ට පමණි. ඒ අනුව චාමික ලකුණු 11ද මැතිව්ස් ලකුණු 18කට සීමා විය. තරඟය පන්දුවාර 19.5 කට සීමා වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනාම දැවී ලකුණු 76 ලබා නවසීලන්ත කණ්ඩායමට ජය හිමිවිය.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×