HomeNewsNew Zealand News

ද්වීතික පාසල් ගුරුවරුන් නැවත වරක් වර්ජනයකට සැරසෙයි

ද්වීතික පාසල් ගුරුවරුන් නැවත වරක් වර්ජනයකට සැරසෙයි

ද්වීතික පාසල් ගුවරුන් එළැඹෙන බදාදා දිනයේ දී නැවත වරක් වැඩ වර්ජනයක් සඳහා සුදානම් වන බව වාර්තා වනවා.

ඕල් බ්ලැක්ස් අයර්ලන්තය පරාජය කරමින් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
නවසීලන්තයේ විරැකියා අනුපාතය 2023 ජුනි කාර්තුවේ ඉහළ යයි: රැකියා වෙළඳපොළ මිශ්‍ර ප්‍රතිඵල පෙන්වයි
නවසීලන්තයට තුන්වැනි ටොනේඩෝවකින් හානි, මෙවර Kāpiti ප්‍රදේශයට

කෙසේ වෙතත් NZEI පවසා සිටියේ පසුගිය සතියේ දී ගුරුවරුන් 45,000කට අධික පිරිසක් සහභාගී වූ ඓතිහාසික වැඩ වර්ජනයෙන් පසුව නැවත වරක් ගුරුවරුන් වර්ජනයකට නොයන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ වැටුප් සාකච්ඡා බිඳවැටීමෙන් පසු ප්‍රාථමික, ද්විතීයික සහ ළදරු පාසල් ගුරුවරු වැඩවර්ජනයක නිරත වුණා.

පශ්චාත් ප්‍රාථමික ගුරු සංගමය (PPTA) විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ එක්දින ජාතික වැඩවර්ජනයක් සඳහා සිය සාමාජිකයින් විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කරමින් එකඟත්වය පළ කර ඇති බවයි. ඒ අනුව මාර්තු 29 වනදා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් ඔවුන් පවසා සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන මාර්ක් විලියම්සන් පවසා සිටියේ වෘත්තීය සම්බන්ධ ගැටලුවට අවධානය ‍යොමු කර ඇති අවස්ථාවක මෙලෙස වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

පසුගියවර පැවති වැඩ වර්ජනයෙන් පසුව අමාත්‍යංශය සහ ගුරුවරුන් අතර යහපත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකඟත්වයක්ද ඇතිව තිබෙන බවයි ඔහු පවසා සිටියේ.

29 වනදා වැඩ වර්ජනය සම්බන්ධයෙන් ගුරුවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!