HomeNew Zealand

ග්‍රීන් පක්ෂයේ සම-නායකයා යතුරුපැදියක ගැටී අනතුරුට පත්වෙයි

ග්‍රීන් පක්ෂයේ සම-නායකයා යතුරුපැදියක ගැටී අනතුරුට පත්වෙයි

ග්‍රීන් පක්ෂයේ නියෝජ්‍ය නායක Marama Davidson විරෝධතා රැළියක් අමතමින් සිටින අවස්ථාවේදී පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරකට ලක්ව ඇති බව වාර්තා වනවා.

අවුරුදු ගණනකින් පළමු වරට නවසීලන්ත කම්කරු සති අන්ත නිවාඩුවේ මාර්ග අනතුරු මරණ බිංදුවයි…
නවසීලන්ත Rotorua හි නිවාස සංවර්ධනය සඳහා සුසාන භූමි රක්ෂිත ඉඩම ආපසු ලබා දීම සලකා බලයි
උද්ධමන මධ්‍යයේ නවසීලන්ත සංචිත බැංකුව නිල මුදල් අනුපාතිකය ස්ථිරව තබා ගනී…

ඊයේ (25) බ්‍රිතාන්‍ය සංක්‍රාන්ති ලිංගික විරෝධී ක්‍රියාකාරිකයෙකු වන Posie Parker ට එරෙහිව පැවති විරෝධතාවයක් අමතමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා.

මෙහිදී පාලනය ගිලිහී ගිය යතුරුපැදිකරුවෙකු විසින් එක්වරම විරෝධතාවය තුළට ඇතුළු වී ඇති අතර ඒ අසළ සිටි Marama Davidson ගේ ඇඟ වැදී ඇද වැටී තිබුණු බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.

ප්‍රකාශයක් නිකුත් කරමින් ග්‍රීන්ස් සම-නායක ජේම්ස් ෂෝ පැවසුවේ ඩේවිඩ්සන් සිද්ධියෙන් පසු වෛද්‍යවරයකු හමුවී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට වාර්තාවක්ද ඉදිරිපත් කර ඇති බවයි.

යතුරු පැදිකරු විසින් Brian Tamaki විසින් පවත්වන ලද තවත් රැළියකට සහය දැක්වීම සඳහා ඒ අසළ විශාල යතුරුපැදිකරුවන් ප්‍රමාණයක් සිටි බවත්, මෙලෙස අනතුරුට හේතු වූ යතුරුපැදිකරුවා ද එම විරෝධතාවයට යමින් සිටි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

ඩේවිඩ්සන් මේ වන විට ප්‍රතිකාර ගැනීමෙන් පසුව රෝහලේ සිට නිවස බලා පැමිණ විවේකී සුවයෙන් සි‍ටින බවත්, පාක්ෂිකයන් හෝ ඇයට සහාය දක්වන පිරිස් කලබලයට පත් නොවිය යුතු බවත් ග්‍රීන් පක්ෂය විසින් දැනුම් දීමක්ද කර තිබුණා.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×