ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය ජුනි මස 07 වැනිදා ආරම්භ වන නමුත් ඊට පෙර මෙතෙක් පැවැති තරඟ වලදී දක්ෂතා දැක්වූ හොඳම ක්‍රීඩකයින් 11දෙනාව නම් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව 2021-2023 කාල වල ටෙස්ට් ලෝක ශූරතා කණ්ඩායම ලෙසින් මෙම කණ්ඩායම නම් කර තිබේ. ඔවුන් ගේ නම් උස්මාන් කවාජා, දිමුත් කරුණාරත්න, මානස් ලබුෂේන්ග්, දිනේෂ් චන්දිමාල්, ජොනී බෙයාර්ස්ටෝ, රිෂාබ් පාන්ට්, රවීන්ද්‍ර ජඩේජා, පැට් කමින්ස්, කාගිසෝ රාබඩා, නේතන් ලයන් සහ ජස්ප්‍රිට් බුම්රා යන අයවේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිමුත් කරුණාරත්න සහ දිනේශ් චන්දිමාල් ද මෙම කණ්ඩායම්ට ඇතුලත් බව විස්ඩන් (Wisden) සඟරාව පවසයි.

මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලිය පැවැත්වෙන කාල සීමාවේදී ටෙස්ට් තරඟ 12 කට ක්‍රීඩා කර ඇති දිමුත් කරුණාරත්න ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 47.90 ක් රඳවා ගනිමින් මුලු ලකුනු 1054 ක් රැස් කරගැනීමට සමත්ව සිටියි. වැඩිම ලකුණු 147 ක් ලෙසින් සටහන් වන එම වසරේදී දිමුත් ශතක 2 ක් සහ අර්ධ ශතක 8 ක් රැස් කරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරඟ වාරය ඇතුළතදී ඉහළම ටෙස්ට් ලකුණු ලාභියා බවට පත්ව සිටින දිමුත් ලොව සෙසු කණ්ඩායම් වල ආරම්භක පිතිකරුවන් අතරින් දෙවැනියට ඉහළම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. එම දක්ෂතාව ප්‍රධාන කොට ඔහුට මෙම ලෝක ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය හිමිව තිබේ.

මෙම ලෝක ටෙස්ට් කණ්ඩායමේ අංක 4 පිතිකරුවා ස්ථානය චන්දිමාල්ට වෙන්ව තිබේ. ගෙවී ගිය කාල සීමාවේදී ටෙස්ට් තරඟ 10 කට සහභාගිවී ඇති චන්දිමාල් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 68.42 ක් සමඟින් මුලු ලකුණු 958 ක් රැස් කරගෙන සිටින්නේ ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් සමගිනි.

COMMENTS